SI

ප්‍රධාන පිටුව / බ්ලොග් අඩවිය / බැංකු වලට වඩා මූල්‍ය ආයතන ජනප්‍රිය ඇයි?

බැංකු වලට වඩා මූල්‍ය ආයතන ජනප්‍රිය ඇයි?

ණය ලබා ගැනීම සඳහා වඩාත් හොඳ ණය ලබා දෙන්නා තෝරාගැනීමේදී පාරිභෝගිකයා ගැටළුවකට මුහුණ පානවා. මෙහිදී පාරිභෝගිකයාට විලක්ප දෙකක් පවතිනවා.එනම් බැංකුවක් හා සම්බන්ධ වීම හෝ මූල්‍ය ආයතනයක වෙබ් අඩවිය හා සම්බන්ධ වීමයි. මින් දෙවන විලක්පය වන මූල්‍ය ආයතනයක් හා සම්බන්ධ වීම වඩාත් ජනප්‍රියව පවතිනවා. මෙලෙස මුල්‍ය ආයතන වඩාත් ජනප්‍රිය වීමට කරුණු සොයා බැලීමේදී අපට පහත සඳහන් හේතු හමු වුනා.

1 වන හේතුව

ණය ලබාගැනීමේ ක්‍රියාවලියේදී බැංකු වලට වඩා මූල්‍ය ආයතන 83%ක් වේගවත් බව සනාථ වී තිබෙනවා.අයදුම්පත සම්පූර්ණ කර ඔබේ ගිණුමට ණය මුදල ලබා ගැනීමට ගත වන්නේ අසන්න වශයෙන් මිනිත්තු 20ක පමණ කාලයක්. මෙම වේගවත් බවට හේතුව බැංකු මෙන් මූල්‍ය ආයතන ගිණුම් විවෘත කිරීම, තැන්පතු ලබා ගැනීම ආදී මුදල් සම්බන්ධ ක්‍රියාකාරකම් සිදු නොකිරීමයි. මේ නිසා මූල්‍ය ආයතන මගින් ඔවුන්ගේ සම්පූර්ණ අවධානය ණය ලබා ගැනීමට යොදන නිසා පාරිභෝගිකයන්ට වඩාත් ආකර්ශනීය සහ වාසි සහගත පොළී අනුපාත ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

2 වන හේතුව

ප්‍රතිපත්තියක් ලෙස මූල්‍ය ආයතන ක්‍රියාත්මක වන්නේ කුඩා මුදල් ප්‍රමාණයක් මගින්. එනිසා ඔබට හදිසි මුදල් අවශ්‍යතාවකදී ඔබේ මාසික අදායම ලැබෙන තුරු නොසිට මේ ආකාරයේ ණයක් (පුද්ගලික ණයක්) ලබා ගැනීම වැසි සහගත වනවා.ඔබට තවදුරටත් පෝලීම් වල සිටීමට හෝ උපදේශකයන්ගේ සහය පැතීමට අවශ්‍ය වන්නේ නැහැ. මෙම වසර මුලදී පැවැත්වූ පාරිභෝගික සමීක්ෂණයට අනුව ණය ලබා දෙන්නෙක් තොරගනිම්දී ඉහත හේතු ඉතා වටිනා බව පෙනී ගොස් තිබෙනවා.

3 වන හේතුව

ණය ඉතිහාසයක් නොමැති හෝ අයහපත් ණය ඉතිහාසයක් සහිත පාරිභෝගිකයන්ට පවා ණය ලබා දීමට මූල්‍ය ආයතන සැදී පැහැදී සිටිනවා.නමුත් එවැනි පාරිභෝගිකයන් සමග කටයුතු කිරීමට බැංකු කැමැත්තක් දක්වන්නේ නැහැ.

4 වන හේතුව

මූල්‍ය ආයතන වලට සාපේක්ෂව බැංකු සමග ගනුදෙනු කිරීමේදී බැංකු මගින් ණය මුදල අනුමත නොවීමේ සම්භාවිතාව ඉතා ඉහළයි . බැංකු හා සංසන්දනය කරන විට මූල්‍ය ආයතන වල ණය අනුමත වීමේ හැකියාව දෙගුණයක් බව පෙනී ගොස් තිබෙනවා. මේනිසා ගනුදෙනුකරුවන්ට බැංකුවට ණය අයදුම්පතක් යොමු කර එය බැංකුවෙන් සලකා බලන තෙක් සිටීමට අවශ්‍ය වන්නේ නැහැ. ඔවුන්ට මූල්‍ය ආයතනයකට අයදුම් පත යොමු කල හැකියි. එය අන්තර්ජාලය හරහා යොමු කරන නිසා වේගවත් බව තවත් වැඩියි.

5 වන හේතුව

මූල්‍ය ආයතන විවිධ සංකීර්ණ ඉල්ලීම් මගින් ඔබව අපහසුතාවයට පත් කරන්නේ නැහැ. ඔවුන් තමන් විසින්ම ඔබේ ණය ඉතිහාසය සොයා බලනවා. සාමාන්‍යයෙන් ඔවුන්ට අවශ්‍ය වෙන්නේ ඔබේ ජාතික හැඳුනුම්පත පමණයි

6 වන හේතුව

පාරිභෝගිකයන් සම්ප්‍රදායික බැංකු වලින් ඈත් වීමට ප්‍රධාන හේතුවක් වන්නේ ණය ලබා දීමේදී බැංකු වල ඇති දැඩි ප්‍රතිපත්තියයි. බැංකු මගින් ණය ලබා දීමේදී ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් අනුගමනය කරන අතර බොහෝ අවස්ථා වලදී අමතර ලිය කියවිලි වලින් තොරව බැකු ණය මුදල ලබා දෙන්නේ නැහැ. මූල්‍ය ආයතන අමතර ලිය කියවිලි ඉල්ලීමකින් තොරව පහසුවෙන් ණය මුදල අනුමත කරනවා. අපගේ ගනුදෙනුකරුවන් පවසන්නේ මේ නිසා ඔවුන්ට ඉතා පහසුවක් සහ ආරක්ෂාවක් දැනෙන බවයි.

ඔබට දැනටමත් වැටහී ඇති ආකාරයට බැංකු හා මූල්‍ය ආයතන එකිනෙකට වෙනස් පද්ධතීන් දෙකක්. මූල්‍ය ආයතන වල වැසි ඉතා විශාලයි. ඉතින් එම වාසි ලබා ගන්න ඔබ තවමත් ප්‍රමාද ඇයි?

වැඩිම ඉල්ලුමක් සහිත ණය ලබා දෙන්නන් රැසක් අප ඔබට ලබා දෙනවා. අපේ මූලික අරමුණ ඉතා සරලයි.ඔබට අවශ්‍ය ණය මුදල සහ ණය ගෙවිය හැකි කාලය තෝරා දුන් විට ඔබට මිනිත්තු 15ක් ඇතුලත ණය ලබා දීමට සූදානම් හොඳම ණය ලබා දෙන ආයතන ලැයිස්තුවක් අපි ලබා දෙනවා. අපේ සේවාවේ අඩංගු වන්නේ මූල්‍ය වෙළඳපොලේ දීර්ඝ කාලීන අත්දැකීම් සහිත සුදුසුකම් ලත් ණය සැපයුම්කරුවන් පමණයි. එනිසා 95% ක ණය අනුමත වීමේ ප්‍රතිශතය, ඉක්මන් මුදල් ලබා දීම සහ අවම පොළී අනුපාත සහතිකයි. ඔබට අවශ්‍ය මුදල සහ මුදල් ගෙවිය යුතු කාලය ලබා දීම සඳහා මෙතැන ක්ලික් කරන්න.

Sampath Ratnayake
සංස්කාරක
3496
764
නිර්දේශිත කියවීම්
ලෝටස් ලෝන් / LotusLoan
තව කියවන්න
ණයක් ලබා ගැනීමට පොදු හේතු 7ක්
තව කියවන්න
පරිපූර්ණ ණය ලබා දෙන මූල්‍ය ආයතනයක ගුණාංග 5ක්
තව කියවන්න
ඔන්ලයින් හරහා ණය ලබා ගැනීමේ වාසි
තව කියවන්න
සියලු ලිපි