SI

ප්‍රධාන පිටුව / බ්ලොග් අඩවිය / පරිපූර්ණ ණය ලබා දෙන මූල්‍ය ආයතනයක ගුණාංග 5ක්

පරිපූර්ණ ණය ලබා දෙන මූල්‍ය ආයතනයක ගුණාංග 5ක්

බැංකු සහ ක්‍රෙඩිට් කාඩ්පත් හා සැසඳීමේදී මූල්‍ය ආයතන වලින් ලබා දෙන ණය ඔබට වඩාත් දැරිය හැකි ආකාරයට ලැබෙන නිසා ඉන් ඔබට විශාල පහසුවක් සැලසෙනවා. කෙසේ නමුත් වඩාත් ගැලපෙන ණය ලබා දෙන මූල්‍ය ආයතනයක් සොයා ගැනීම ඔබට දුෂ්කර කටයුත්තක් වන්නට පුළුවන්. ඊට හේතුව මුල්‍ය ආයතන හිඟ වීම නොව විවිධ මාදිලියේ දීමනා සහ කොන්දේසි සහිත ආයතන රැසක් ඔබේ අවධානය දිනා ගැනීමට තරග කරන නිසයි. ඔබේ මූල්‍ය කටයුතු පහසු කර ගැනීමට ලැබෙන පිටුවහල නිසා පුද්ගලික ණය සංකල්පය ඉතා වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතිනවා. වඩාත් විශ්වාසවන්ත සහ විශිෂ්ට සේවාවක් සපයන මූල්‍ය ආයතනය තෝරාගන්නේ කෙසේදැයි අපි අද විමසා බලමු.

කොන්දේසි

ණය කොන්දේසි මගින් ඔබට ණය ආපසු ගෙවිය හැකි කාලය පිලිබඳ අදහසක් ලබා දෙනවා. ඔබේ සැලසුමට වඩාත්ම ගැලපෙන කොන්දේසි සහිත මූල්‍ය ආයතනය තෝරා ගන්න.උදාහරණයක් ලෙස ඔබට මසකට ණය ආපසු ගෙවිය හැකි වාර ගණන කොපමණදැයි සලකා බලන්නට පුළුවන් (එක වරක් හෝ දෙවරක්ද යන වග)

පොළී අනුපාතය

ණය මුදල සඳහා පොළී අනුපාතය තීරණය කිරීමේදී ඔබේ ණය ඉතිහාසය, ණය මුදලේ අගය, සහ ණය ගෙවිය හැකි කාලය ආදී සාධක කිහිපයක් බලපානවා. සාමාන්‍යයෙන් ඔබට යහපත් ණය ඉතිහාසයක් පවතින විටදී සහ ණය නැවත ගෙවිය හැකි කාලය හැකි තරම් අඩු අගයක් තෝරාගෙන ඇති අවස්ථාවක අඩු පොළී අනුපාතයක් ලැබීමේ සම්භාවිතාවක් පවතිනවා. ණය ලබා දෙන මූල්‍ය ආයතනය තෝරාගැනීමේදී ඔබට ලබා දෙන පොළී අනුපාතයන් සංසන්දනය කරන්න. අපේ සේවාව හරහා වඩාත්ම ඉල්ලුමක් සහිත ණය ලබා දෙන මූල්‍ය ආයතන රැසක් ඔබට තෝරාගත හැකි අතර එමගින් අඩුම පොළී අනුපාතයක් ලබා දෙන මූල්‍ය ආයතනය තෝරාගැනීමේ හැකියාව ඔබ සතුව පවතිනවා. අපේ සේවාව හරහා තෝරාදෙන සියලු මූල්‍ය ආයතන මිනිත්තු 15ක් තුල ණය ලබා දෙන්නට සූදානමින් සිටින නිසා ඉන් කැමති ආයතනයක් තෝරා ගැනීමේ නිදහස ඔබ සතුව පවතිනවා.

ගනුදෙනුකරුවන්ගේ ප්‍රතිචාර පිලිබඳ විමසිලිමත් වන්න

ණය ලබා දෙන මූල්‍ය ආයතන දීර්ඝ කාලයක් තිස්සේ වෙළඳපොලේ රැඳී සිටින නිසා ඔවුන්ගේ සේවාව පිලිබඳ ගනුදෙනුකරුවන් ප්‍රතිචාර දක්වා තිබෙනවා. එම ප්‍රතිචාර හොඳින් කියවා යහපත් සහ අයහපත් ප්‍රතිචාර සංසන්දනය කර බලන්න. ඉන් වඩාත්ම වැඩි ප්‍රතිචාර වර්ගය කුමක්දැයි විමසා බලන්න. අන්තර්ජාලය හරහා වැඩිදුර තොරතුරු විමසා බලන්න. සුදුසුයැයි හැඟෙන මූල්‍ය ආයතන පිලිබඳ ඔබේ තක්සේරුවක් සිදු කොට හොඳම ආයතනය තෝරාගන්න, ඔබ‍ට නිසි තෝරාගැනීමක් සිදු කිරීමට අපහසු නම් මිතුරන්ගෙන් විමසා බලන්න. තෝරා ගත් මූල්‍ය ආයතනයේ ශාඛාවන් තිබේනම් එවැනි ශාඛාවන් කීයක් ඇතිදැයි ඔබ විමසා බලන්න. විශ්වාසය ගොඩනගා ගැනීමට එය හොඳ සාධකයක් විය හැකියි.

අමතර ප්‍රතිලාභ

මුල්‍ය ආයතනයෙන් ගනුදෙනුකරුවන්ට ලබා දෙන සේවාවන් පිලිබඳ විමසා බලන්න.සෑම ආයතනයක්ම ගනුදෙනුකරුවන්ට අමතර ප්‍රතිලාභ ලබා දෙනවා. ඔබේ අරමුණ විය යුත්තේ එම ප්‍රතිලාභ අතරින් ඔබට වඩාත්ම ගැලපෙන ප්‍රතිලාභ මොනවාදැයි තෝරාගැනීමයි. මෙම ප්‍රතිලාභ ලැබෙන්නේ සීමිත කාලයකට පමණක් වන නිසා ඉක්මනින් ඔබේ අවස්ථාව ලබා ගන්න!

පාරිභෝගිකයා පිළිබඳව ඇති විශ්වාසය

ණය ලබා දෙන මූල්‍ය ආයතනය පිලිබඳව ඇති ආකල්පය මෙම සාධකය මගින් විමසා බැලෙයි. ජීවිතය හැමවිටම අනපේක්ෂිත නිසා අපේ අතීත වැරදි, අනාගත ජයග්‍රහණ වලට බාධකයක් නොවිය යුතුයි. අතීතයේ ඔබ නිසි ලෙස ණය නැවත ගෙවා නැති නිසා ඔබට අයහපත් ණය ඉතිහාසයක් ඇති යැයි සිතන්න. පාරිභෝගිකයා පිළිබඳව ඇති විශ්වාසය වැදගත් වන්නේ මෙම අවස්ථාවේදීයි. විශ්වාසවන්ත ණය ලබා දෙන්නෙකු නම් මේ මොහොතේ ඔබට ලබා දිය හැකි උපරිම දීමනාව ලබා දෙනු නියතයි. එවැනි මූල්‍ය ආයතන පිලිබඳ ඔබ අනිවාර්යයෙන්ම විශ්වාස කල යුතුයි.

සියලු මූල්‍ය ආයතන පිලිබඳ ඔබට පරික්ෂා කිරීමට අපහසු නම් අප තෝරා ඇති ආයතන ගැන විමසන්න. අප සම්බන්ධ වන්නේ සියලු සුදුසුකම් සපිරූ විශ්වාසවන්ත ආයතන සමග පමණයි. ඔබටත් මෙම ආයතන ලැයිස්තුව ලබා ගැනීමට අවශ්‍ය නම් මෙම අයදුම්පත සම්පූර්ණ කරන්න. එය වේගවත්, පහසුයි සහ කාර්යක්ෂමයි.

3454
657
නිර්දේශිත කියවීම්
ලෝටස් ලෝන් / LotusLoan
තව කියවන්න
බැංකු වලට වඩා මූල්‍ය ආයතන ජනප්‍රිය ඇයි?
තව කියවන්න
ණයක් ලබා ගැනීමට පොදු හේතු 7ක්
තව කියවන්න
ඔබේ ණය ඉතිහාසය යහපත්ව පවත්වා ගන්නේ කෙසේද?
තව කියවන්න
සියලු ලිපි