ණය මුදලක් යනු කුමක්දැයි අපි දැනටමත් ඔබට වටහා දී අවසන් මෙම ලිපියේ අරමුණ වන්නේ ණය මුදලක් ලබා ගැනීමට සිදුවන අවස්ථා පිලිබඳ ඔබට වැටහීමක් ලබා දීමයි. ඔබේ විවිධ අවශ්‍යතාවන් සඳහා මුදල් අවශ්‍ය නම් පුද්ගලික ණයක් යනු එම මුදල් ලබා ගැනීමට හොඳ මාර්ගයක්. උගස් කිරීම්, වාහන ණය, අධ්‍යාපන ණය මෙන් නොව පුද්ගලික ණය ලබා ගැනීමේදී එය භාවිතා කරන ආකාරය පිලිබඳ කිසිඳු සිමාවන් පැනවීමක් සිදු නොවේ. අපගේ සේවාව මගින් ණය ලබා දෙන්නා ඔබේ ණය මුදල අනුමත කලේදැයි මිනිත්තු කිහිපයක් තුල දැනගත හැකියි. ඔබට අවශ්‍ය ණය මුදල තීරණය කරන අතරතුර, පුද්ගලික ණයක් ලබා ගැනීමට හේතු විය හැකි කාරණා 7ක් අපි ඔබට හඳුන්වා දෙමු.
ඔබේ වාහනයේ සිදුවන දෝෂයන් නිසා පහසුදායි ලෙස ප්‍රවාහනය කිරීමට ඇති හැකියාව නැති වෙන්නට පුළුවන්. මෙවැනි අවස්ථා බලාපොරොත්තු නොවූ ලෙස සිදුවන නිසා ඔබේ වාහනය ඉතා ඉක්මනින් අලුත්වැඩියා කරගත යුතුයි. ප්‍රතිපත්තියක් ලෙස ඔබේ වාහනයේ රක්ෂණාවරණය මගින් වාහනයේ අලුත්වැඩියා කටයුතු සඳහා යන මුදල ලබා නොදෙන නිසා පුද්ගලික ණයක් ලබා ගැනීමෙන් වහනය ඉතා ඉක්මනින් අලුත්වැඩියා කරගෙන භාවිතයට ගත හැකියි.
ඔබේ අතේ මුදල් නැති අවස්ථා වලදී නිවාස අලුත්වැඩියා කටයුත්තක් යනු මුදල් අධික ලෙස වැය වන කටයුත්තක් විය හැකියි. මෙය ඔබේ පවුලේ මූල්‍යමය තත්වයට කෙලින්ම බලපාන අතර ඉතා විශාල මුදලක් එකවර ලබා ගැනීම ඉතා අපහසු වන්නට පුළුවන්. මෙවැනි අවස්ථාවක ඔබට ඇති විසඳුම වන්නේ පුද්ගලික ණයක් ලබා ගැනීමයි. ණය ගෙවීමට ඔබට ඇති තරම් කාලයක් ඇති නිසා දිගුකාලීන නිවාස අලුත්වැඩියා කටයුතු කරදරයකින් තොරව සිදු කරගැනීමට ඔබට හැකියාව ලැබෙනු ඇත.
ඇතැම් අවස්ථා වල මනස සන්සුන් කරගැනීමට අපේ සියලු කටයුතු නවතා නිවාඩුවක් ගත කිරීමට සිදුවන අවස්ථා බහුලයි. සංචාරය කිරීම මගින් අපේ එදිනෙදා ජිවිතයේ ගැටළු අමතක කර ජීවිතය විඳින්නට අවස්ථාව සලසා දෙනවා.නමුත් මේ සඳහා අපට මුදල් අවශ්‍යයි. එහෙම නේද?නිවාඩුව ගත කිරීමට ඔබ සතුව මුදල් නොමැති නම් පුද්ගලික ණයක් ලබා ගැනීමෙන් ඔබේ සංචාරය කිරීමේ සිහිනය සැබෑ කරගන්නට පුළුවන්.
ඔබ අලුත්ම ජංගම දුරකතනයක් මිලදී ගැනීමට කැමැත්තෙන් ටිකෙන් ටික මුදල් එකතු කර අවසානයේ එම දුරකථනය මිලදී ගැනීමට සැරසෙන විට ඊට වඩා මිල වැඩි අලුත් මාදිලියේ දුරකථන වෙළඳපොළට පැමිණ ඇති අත්දැකීම ඔබත් විඳ තිබේද? එවිට ඔබට නැවතත් මුල සිට මුදල් එකතු කිරීමට සිදු වනු ඇත. එමෙන්ම ඔබේ ලැප්ටොප් පරිගණකය ක්‍රියා විරහිත වී ඔබට ඉතා ඉක්මනින් අලුත් පරිගණකයක් මිලදී ගැනීමට අවශ්‍ය වී තිබෙනවද?එවැනි අවස්ථා වල පුද්ගලික ණයක් ලබා ගැනීම ඔබට ඉතා ප්‍රයෝජනවත් විය හැකියි.
අන්තර්ජාලය හරහා පුද්ගලික
ණය ලබා ගැනීමට තවත් ප්‍රධාන කාරණාවක් වන්නේ ඔබ ලබා ගත් පැරණි ණය ගනුදෙනු ඉක්මනින් පියවීමට ඇති අවශ්‍යතාවයයි.
ඔබ ණය මුදලක් ලබාගෙන එමගින් කලින් ලබාගෙන ඇති විවිධාකාරයේ ණය මුදල් සහ ක්‍රෙඩිට් කාඩ්පත් වල හිඟ මුදල් පියවීම සිදු කලවිට කලින් පියවීමට ඇති සියලු ණය එක වාරිකයක් වෙත ගෙන එනවා.එවිට ඔබට කරදරයකින් තොරව මනා කළමනාකරණයකින් යුතුව ණය මුදල ගෙවීමට හැකියාව ලැබෙනවා. පුද්ගලික ණයක් ලබා ගැනීම මගින් ඔබට අනවශ්‍ය මුදල් ගෙවීමකින් තොරව සියලු ණය ගෙවා අවසන් කිරීමේ හැකියාව ලැබෙනවා.පුද්ගලික ණයක් ලබා ගැනීමට තවත් ප්‍රධාන හේතුවක් වන්නේ ඔබට ඇතිවන හදිසි මුදල් අවශ්‍යතාවන්. එවන් හදිසි මුදල් ගෙවීම් පැහැර හැරීමකින් තොරව අනිවාර්යයෙන් ගෙවිය යුතු වනවා. හදිසි මරණ, රෝහල් බිල්පත්, කල් ඉකුත් වූ නිවාස කුලී ගෙවීම ආදී විවිධ හේතු නිසා හදිසි මුදල් අවශ්‍යතා ඇතිවන්නට පුළුවන්, එම අවශ්‍යතා පියවීමට ඔබේ ඉතුරුම් මුදල් ප්‍රමාණවත් නොවන අවස්ථා වලදී පුද්ගලික ණයක් ලබා ගැනීම ඔබට උපකාරී වන්නට පුලුවන්.
මුලින්ම ණය ලබාගන්නන් සඳහා පුද්ගලික ණයක් ලබා ගැනීම ඉතා වාසි සහගත වේ.ඊට හේතුව කුඩා මුදලක් ණය වශයෙන් ලබාගෙන එය කෙටි කාලයකදී ගෙවිය හැකි වීමයි. එමගින් ණය ගෙවීමේ ශක්‍යතාවය ඉහල නංවාගෙන යහපත් ණය ඉතිහාසයක් නිර්මාණය කරගැනීමට ඔබට හැකි වෙයි. හොඳ ණය ඉතිහාසයක් පවත්වා ගැනීම යහපත් මූල්‍ය ජිවිතයකට ඔබට උපකාරී වෙයි.
සූදුව, නීති විරෝධී භාණ්ඩ ලබා ගැනීම, අපරාධ සම්බන්ධ කටයුතු සඳහා මුදල් ලබා දීම ණය ලබා දෙන්නන් විසින් ප්‍රතික්ෂේප කරනු ලබයි. මෙවැනි කටයුතු වලට ණය ලබා නොදීම සාමාන්‍ය දෙයක් වුවත් ඇතැම් විට ණය ගන්නන් හට මෙය අමතක වීම නිසා ඉහත කී හේතු ණය ලබා ගැනීම නිසා ගැටළු ඇති වීමට පුළුවන්.
කෙසේවෙතත් පුද්ගලික ණය “පුද්ගලික” ලෙස නම් කර ඇත්තේ ණය ලබා ගන්නා අයට විවිධ පුද්ගලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ණය මුදල් භාවිතා කල හැකි නිසයි. ඔබේ ජිවිතයේ ගැටළු පැමිණෙන විට විවිධ මුදල් අවශ්‍යතා සපුරා ගැනීමට පුද්ගලික ණය භාවිතා කල හැකියි.
ඔබට ණය මුදලක් ලබා ගැනීමේ අවශ්‍යතාව කුමක් වුවත් අප ඔබට උපකාර කරන්නම්. ඔබේ අවශ්‍යතාවය හෝ ණය ඉතිහාසය කුමක් වුවත් කෑෂ් ස්පේස් හරහා අවම පොළී අනුපාත සහ හොඳම දීමනා ඔබට සොයා දෙයි. ඔන්ලයින් හරහා අයදුම් කරන්න.