SI

ෆාස්ට්රුපී / FastRupee

ෆාස්ට්රුපී (FastRupee) (පුද්) සමාගම ශ්‍රී ලංකාව පදනම් කරගත් මූල්‍ය තාක්ෂණික සමාගමක් වන අතර එය අන්තර්ජාල පාරිභෝගික මූල්‍යකරණය කෙරෙහි අවධානය යොමු කර ඇත. සාම්ප්‍රදායික බැංකු ක්‍රමයෙන් බැහැරව සිටින පුද්ගලයින් සඳහා ණය ලබා දීම කෙරෙහි සමාගම ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරයි. එහි සේවාවන් ක්ෂණිකව සැපයෙන අතර ශ්‍රී ලාංකික ජනතාවගේ එදිනෙදා හා හදිසි අවශ්‍යතා සපුරාලීමට මූල්‍ය විසඳුම් ලබා දීමට කටයුතු කරයි. එහි සේවාවන් ඉතා සරලය, එමඟින් පාරිභෝගිකයින්ට කිසිදු ඇපකරයක් හෝ සංකීර්ණ අනුමත ක්‍රියාවලියක් හෝ දීර්ඝ සැකසුම් කාලයකින් තොරව සේවා සපයනු ලබයි.

ෆාස්ට්රුපී තෝරා ගත යුත්තේ ඇයි?

  1. වේගවත් සේවාව

    ඔන්ලයින් ණය අයදුම්පත පිරවීම සඳහා ඔබට ගත වන්නේ මිනිත්තු කිහිපයක් පමණි. ණය අනුමත කිරීමෙන් පසුව ඔබේ බැංකු ගිණුමට ක්ෂණිකව මුදල් ලැබෙනු ඇත. එමෙන්ම ඔබට ලංකාවේ ඕනෑම ස්ථානයක සිට ඕනෑම මොහොතක ණය මුදල නැවත ගෙවීමේ හැකියාව පවතී.

  2. සරළ භාවය

    කාලය ගතවන පෝලිම්, සංකීර්ණ අයදුම්පත් පිරවීම්, අනුමත කිරීමට ගතවන දීර්ඝ කාලයන්ගෙන් තොරව සරල අයදුම්පත් පිරවීමකින් ණය සඳහා අයදුම් කිරීමට ඔබට හැකියි. ඔන්ලයින් අයදුම්පත පුරවා ඔබේ අනන්‍යතාවය තහවුරු කරන්නට ඔබට කලයුත්තේ පරිගණකයේ බොත්තම් කිහිපයක් ක්ලික් කිරීම පමණයි.

  3. විනිවිදභාවය

    ඔබගේ ණය තොරතුරු සමඟ විනිවිදභාවයෙන් කටයුතු කිරීමෙන් අපි අපගේ පාරිභෝගිකයන්ගේ විශ්වාසය ගොඩනඟා ගනිමු. ඔබගේ ණය පහසුකම් වලට අදාළ නියමයන් සහ කොන්දේසි පිළිබඳව පැහැදිලිව දැනුම් දීමට අපි වග බලා ගන්නෙමු.

  4. නම්‍යශීලී ණය නැවත ගෙවීමේ නියමයන්

    ණය ලබගන්නාගේ පාලනයෙන් තොර ණය නැවත ගෙවිය නොහැකි අවස්ථාවකදී ණය ගෙවීම සඳහා දින 30ක කාලයක් ලැබේ

එය ක්‍රියාත්මක වන්නේ කෙසේද?

  1. අපගේ fastrupee.lk වෙබ් අඩවියට ප්‍රවේශ වී ඔබගේ පුද්ගලික තොරතුරු සහ අනෙකුත් විස්තර ඇතුලත් කොට ඔන්ලයින් අයදුම්පත පුරවන්න.
  2. මුල් පිටුවේදී ඔබට අවශ්‍ය ණය මුදල තෝරා ගත හැකිය.
  3. ඔබගේ පුද්ගලික තොරතුරු ඇතුළත් කර වෙබ් අඩවියේ ඇති උපදෙස් අනුගමනය කරන්න
  4. ඔබගේ ජාතික හැඳුනුම්පතේ ඉදිරිපස, පසුපස සහ සෙල්ෆි ඡායාරූපය උඩුගත කරන්න
  5. ඔබේ බැංකු තොරතුරු ඇතුළත් කරන්න
  6. ඔබේ ණය මුදල අනුමත වූ පසු ඔබට ඊමේල් පණිවිඩයක් සහ එස්එම්එස් පණිවිඩයක් ලැබෙනු ඇත.
  7. ණය අනුමත කිරීමෙන් පසුව ඔබේ බැංකු ගිණුමට ක්ෂණිකව මුදල් ලැබෙනු ඇත

ණයක් ලබා ගැනීමට මා සුදුසුකම් සපුරා තිබේද?

ඔබ ණයක් සඳහා අයදුම් කිරීමට පෙර පහත සුදුසුකම් සපුරා ඇතිදැයි බලන්න

  1. ඔබේ වයස අවුරුදු 20ත් 80ත් අතර විය යුතුය.
  2. ඔබට රැකියාවක් හා ස්ථාවර අදායම් මාර්ගයක් තිබිය යුතුය.
  3. බැංකු ගිණුමක් තිබිය යුතුය.

මා ලබා දිය යුතු ලියකියවිලි මොනවාද?

ඔබට පුද්ගලික තොරතුරු සහිත ලියකියවිලි ලබා දීමට අවශ්‍ය නොවේ. ඔබ ණය අයදුම් කරන විට පහත තොරතුරු සූදානම් කොට තබා ගන්න.

  1. පුද්ගලික විස්තර
  2. ඔබේ බැංකු ගිණුම් විස්තර

මට කොතරම් ඉක්මනින් මුදල් ලබා ගත හැකිද?

ණය මුදල අනුමත කිරීමෙන් පසු හැකි ඉක්මනින් මුදල ඔබේ පුද්ගලික බැංකු ගිණුමට බැර කිරීමට අප ක්‍රියා කරන අතර ගිණුමට මුදල් මාරු කළ වහාම අපි ඔබට කෙටි පණිවිඩයක් එවන්නෙමු.

ණය නැවත ගෙවිය යුතු ආකාරය පිළිබඳ මා දැනගන්නේ කෙසේද?

අප ඔබගේ ණය කල්පිරීමේ දිනය පිළිබඳවත් ණය ආපසු ගෙවීම් සිදුකිරීමට නියමිත දිනය පිලිබඳවත් අදාල කොටසක් ඔබගේ ණය ගිවිසුමට ඇතුළත් කර ඇත. කිසිදු අමතර ගාස්තුවක් එකතු වීම වලක්වා ගැනීම සඳහා නියමිත දිනට හෝ ඊට පෙර ගෙවීමට වග බලාගන්නා ලෙස ඔබෙන් ඉල්ලා සිටින්නෙමු.

ණය ආපසු ගෙවීම් ඔබට පහසු කිරීම සඳහා අපි දිවයින පුරා ගෙවීම් මද්‍යස්ථාන සමූහයක් සමඟ සම්බන්ධ වී සිටිමු. ගෙවීම් මද්‍යස්ථාන පිළිබඳ වැඩි විස්තර සඳහා ඔබට fastrupee.lk/loan-repayments වෙත පිවිසිය හැකිය.

ඔබ සතුව ඇති විශේෂ දීමනා මොනවද?

ඔබේ පළමු ණය මුදල කිසිඳු පොලියකින් තොරව 0% පොළී අනුපාතයට ලබා ගත හැක. ණය ලබගන්නාගේ පාලනයෙන් තොර ණය නැවත ගෙවිය නොහැකි අවස්ථාවකදී ණය ගෙවීම සඳහාවැඩිපුර ගෙවීමකින් තොරව අමතර දින 30ක කාලයක් ලැබේ.

Indika Perera
සංස්කාරක
3468
1964
නිර්දේශිත කියවීම්
ලෝටස් ලෝන් / LotusLoan
තව කියවන්න
ඔබේ ණය ඉතිහාසය යහපත්ව පවත්වා ගන්නේ කෙසේද?
තව කියවන්න
ණයක් ගෙවා අවසන් කරන්නේ කෙසේද?
තව කියවන්න
ණයක් යනු කුමක්ද?
තව කියවන්න
සියලු ලිපි