ණයක් ප්‍රධාන අංග හතරක් ඇත. එනම් ණය මුදල,පොළී අනුපාතය, ආපසු ගෙවීම සහ ආපසු ගෙවීමේ කාලයයි. ණයක් යනු කුමක්දැයි වටහා ගැනීම සඳහා ඉහත අංග හතර පිලිබඳ මනා දැනුමක් තිබීම අතවශ්‍යයි.
ණය මුදල යනු ණය ලබා දෙන්නන් හරහා ඔබට ලැබෙන මුදලයි.
පොළී අනුපාතය යනු ඔබ මුදල් ලබා ගන්නා විට මූල්‍ය ආයතනය විසින් ලබා ගන්නා පොළියේ ප්‍රතිශතයයි. මෙම පොළී ප්‍රතිශතය තීරණය වන්නේ ඔබේ ණය ඉතිහාසය හෝ ඔබ ලබා ගන්නා ණය මුදලේ අගය මතයි.
ආපසු ගෙවීම හෝ වාරික ගෙවීම යනු ණයක් ලබා ගත් පසු එය නැවත ගෙවීමේදී ගෙවිය යුතු ස්ථාවර මුදලේ අගයයි.
ගෙවීමේ කාලය යනු ණය මුදල ආපසු ගෙවීම සඳහා ඔබට ලැබෙන කාලයයි. ණය මුදලේ ස්වභාවය අනුව මෙම කාලය සීමිත දින ගණනක් හෝ වසර ගණනක් විය හැකියි.
ණයවර සහ ණය වශයෙන් ණය මුදල් ලබා ගැනීමේ ක්‍රම දෙකක් පවතී.මේවා අතර වෙනස පහත දැක්වෙන පරිදි පැහැදිලි කරගත හැක.
ණයවර සහ ණය වශයෙන් ණය මුදල් ලබා ගැනීමේ ක්‍රම දෙකක් පවතී.මේවා අතර වෙනස පහත දැක්වෙන පරිදි පැහැදිලි කරගත හැක.
ඔබ සතු ඉඩම්,වාහන ආදී විවිධ වත්කම් ඇපයට තබා ණයවර ලබා ගත හැක.නමුත් ඔබට ලැබෙන මුදල ඔබේ වත්කම් වල අගයට මුලුමනින්ම සමාන නොවේ.උදාහරණයක් ලෙස ඔබ රුපියල් ලක්ෂ 70ක වාහනයක් ඇපයට තැබූ විට ඔබට සම්පූර්ණ රුපියල් ලක්ෂ 70ක මුදල නොලැබේ.මුදලේ ඉහල වටිනාකම නිසා මෙම ආකාරයේ ණය ලබා ගැනීම අනුමත වීමට ගතවන කාලය ඉතා වැඩි විය හැකියි. ඉතා විශාල මූල්‍යමය අගයක් සහිත මිලදී ගැනීම් සඳහා ණයවර භාවිතා කරන්නට පුළුවන්. උක ස් කිරීම,ව්‍යාපාරික ණයවර ලිපි මේ සඳහා උදාහරණ වේ.
ඔබ ණයවර ගෙවීම පැහැර හැරිය හොත් සිදුවන්නේ කුමක්ද? එවිට බැංකුව මගින් ඔබ ණයවර ලබා ගැනීම සඳහා ඇපයට තැබූ වත්කම බැංකුව සතු කරගනු ඇත.
ණය යනු මුදල් ලබා ගැනීමේ වඩාත් ජනප්‍රිය ක්රමවේදයයි.
ණය දීම ප්‍රචලිත වීමට හේතු වී ඇත්තේ ඒවාට ඇති අඩු ඉල්ලුමයි. මේ සඳහා ඔබට අවශ්‍ය එකම සුදුසුකම මුදල් ලබා ගැනීමට ඇති අවශ්‍යතාවයයි. ඔබගේ ණය ඉතිහාසය වුවද මේ සඳහා බලනොපායි. සාමාන්‍යයෙන් ණය ලබා දෙන්නන් ඉතා කුඩා මුදල් ප්‍රමාණ ලබා දෙන නිසා ණය ලබා ගැනීම ඉතා පහසුයි. ණය ලබා දීම සඳහා අවශ්‍ය කරන ලියකියවිලි අවම නිසා පැය භාගයක් තුල ණය අනුමත වීම සිදු වේ. මෙම ආකාරයෙන් ණය මුදල් ලබා ගැනීම බොහෝ විට සිදුවන්නේ පෞද්ගලික අවශ්‍යතා, හදිසි අවශ්‍යතා, අධ්‍යාපනික කටයුතු හෝ පෙර ණය පියවීම ආදී කටයුතු සඳහායි.කටයුතු සඳහායි. ඔබට ණය ගෙවීම අතපසු වුවහොත් සිදුවන්නේ කුමක්ද?අතපසු වුනු ගෙවීම් පිලිබඳ විස්තර, සටහන් වන අතර ඔබේ ණයවර ලකුණු ප්‍රමාණය අඩුවීමක් සිදු වෙයි. අතිරේක තොරතුරු අනවශ්‍ය බැවින් ඔබේ වත්කම් නැති වීමේ කිසිඳු අවදානමක් නොමැති අතර ඔබේ සියලු වත්කම් සුරක්ෂිතව පවතී.
ණය ලබා ගැනීමේ වාසි කිහිපයක් ඇත. එනම් :
ක්ෂණික මුදල් ලබා ගැනීමේ හැකියාව. ඔබේ ණය අයදුම්පත අනුමත වූ වහාම මුදල් ඔබේ ගිණුම වෙත බැර වීම සිදුවේ.
නම්‍යශීලිභාවය : ලබා ගත හැකි ණය මුදලේ අගය සහ ණය මුදලේ කොන්දේසි ඔබටම තෝරා ගත හැක.
අමතර අවස්ථා : පළමු වරට ණය ලබා ගන්නන් සඳහා මෙම ක්‍රමය ඉතා වාසි සහගත වන අතර හොඳ ණය ඉතිහාසයක් නිර්මාණය කරගැනීම සඳහා උපකාරී වෙයි.
ණය ලබා ගැනීමට හේතු පිළිබඳව වැඩිදුර කියවන්න .ඔබ ණයක් ලබා ගැනීමේදී ඔබට අවශ්‍ය මුදල සඳහන් වන අතර නිශ්චිත කාලයකදී සහ පොළී අනුපාතයකට අනුව එම ණය ගෙවීමට එකඟ වේ. පොළී අනුපාතය තීරණය වන්නේ ණය දීමනාවට අදාල කොන්දේසි වලට අනුවය. ඔබ එකඟ වුනු දිනයට මුදල් ආපසු ගෙවීම සිදු කල යුතු අතර එසේ නොමැති වුනොත් එය ඔබේ ණය ඉතිහාසයට අහිතකර ලෙස බලපානු ඇත. ඔබ පොරොන්දු වුනු කාලයට වඩා කලින් ණය ගෙවීමද ඔබට සිදු කළ හැක. ණය ආපසු ගෙවීමේ ක්‍රම, ණය මුදල සහ අනෙකුත් විස්තර ණය ගිවිසුමේ සඳහන් වේ.
ණය මුදල කුඩා බව සහ ඔන්ලයින් ක්‍රමවේදය නිසා ණය ලබා ගැනීමේ ප්‍රධාන වාසිය වන්නේ අයදුම් කිරීමේ පහසුව සහ ඉක්මන් නිකුත් කිරීමයි. මේ සඳහා අවශ්‍ය වන්නේ අවම ලියකියවිලි ප්‍රමාණයක් සහ අවම ප්රයත්නයක් පමණි. ණයවර වලට සාපේක්ෂව ඔබ ණය මුදලක් අයදුම් කිරීමේදී එය අනුමත වීමේ සම්භාවිතාව ඉතා ඉහලය. ණය ලබා ගැනීමේ ජනප්‍රියත්වයට ප්‍රධාන හේතුව මෙයයි.
වැඩිම ඉල්ලුමක් ඇති ණය දෙන්නන් අතරින් ඔබට තෝරාගත හැකි පිරිසක් අපි ඔබට ලබා දෙන්නෙමු. අපේ ප්‍රධාන අරමුණ ඉතා සරළයි. ඔබ විසින් අවශ්‍ය මුදල සහ කොන්දේසි තෝරාගත් පසු මිනිත්තු 15ක් ඇතුලත ප්‍රමුඛතම ණය දෙන්නන් ලැයිස්තුවක් අපි ඔබට සූදනම් කර දෙන්නෙමු. ණය ලබා දීම සඳහා අප හා සම්බන්ධ වන්නේ 95% ණය අනුමත වීමේ ප්‍රතිශතයක් සහිත, අවම පොළී අනුපාත වලින් යුතු ඉක්මන් මුදල් ලබා දීමේ ක්‍රමවේදයක් සහිත ඉතා විශ්වාසදායි ආයතන පමණි.
ණය මුදල සහ කොන්දේසි තෝරාගැනීමට මෙතැන ක්ලික් කරන්න.