මමෙම නියම සහ භාවිත කිරීමේ කොන්දේසි (නියමයන්) වල අඩංගු වන්නේ Cashspace (වෙබ් අඩවිය) භාවිතා කිරීමේදී ඔබ විසින් දැනගත යුතු කරුණුයි. “වෙබ් අඩවිය භාවිතා කිරීම” යනු, ප්‍රධාන වශයෙන් වෙබ් අඩවිය නැරඹීම, බ්‍රවුස් කිරීම, වෙබ් අඩවියේ ලියාපදිංචි වීම සඳහා පුද්ගලික තොරතුරු ලබා දීම ආදී දේ වන අතර මීට අමතර ක්‍රියාකාරකම්ද අඩංගු විය හැකිය.
ඔබ වෙබ් අඩවිය භාවිතා කිරීමට පෙර මෙම කොන්දේසි මනාව කියවා බලන ලෙස අපි නිර්දේශ කරමු. වෙබ් අඩවිය භාවිතා කිරීමේදී මෙම කොන්දේසි ඍජුවම අදාල වේ.ඔබේ අනාගත අවශ්‍යතාවය සඳහා මෙම කොන්දේසි අඩංගු ලේඛනය බාගත කිරීමට සහ මුද්‍රණය කිරීමට ඔබට අවසර ඇත. මෙම කොන්දේසි වලින් අදහස් වන දේ සහ, එම කොන්දේසි වෙබ් අඩවිය භාවිතා කිරමේදී අදාළ වන ආකාරය පිලිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගැනීම ඔබ සතු වගකීමකි..
මෙම වෙබ් අඩවිය භාවිතා කිරීම මගින් ලේඛනයේ අඩංගු කොන්දේසි වලට එකඟ වන බව ඔබ සනාථ කරයි. ඔබ මෙම කොන්දේසි වලට එකඟ නොවන්නේ නම් අපේ සේවාවන් භාවිතා කිරීමෙන් තොරව වෙබ් අඩවියෙන් ඉක්මනින් ඉවත් වන ලෙස අපි ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
වෙබ් අඩවිය හරහා එකතු කරන ලද පුද්ගලික දත්ත අප භාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳ තොරතුරු සඳහා කරුණාකර අපගේ රහස්‍යතා ප්‍රතිපත්තිය බලන්න. අපගේ කුකීස් භාවිතය පිළිබඳ විස්තර සඳහා කරුණාකර අපගේ කුකීස් ප්‍රතිපත්තිය තුළ ඇති අපගේ කුකීස් ප්‍රකාශය බලන්න. යොමුව සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්තිය සහ අපගේ කුකීස් ප්‍රකාශය යන දෙකම මෙම ලේඛනයට ඇතුළත් කර ඇත.
Cashspace යනු Fininity ආයතනයේ වෙළඳ නාමය වන අතර ආයතන අංක: 14523902 යටතේ එස්තෝනියාවේ ලියාපදිංචි කර ඇත. ලියාපදිංචි කාර්යාලය; ටාටු එම්එන්ටී 52-116, 10115 ටැලින් එස්තෝනියාව.
Cashspace හි අයිතිය සහ පාලනය Fininity ආයතනය සතු වේ.
අප ආයතනය ණය ලබා දෙන හෝ ණය සැපයුම්කාර ආයතනයක් නොවේ. එම නිසා අප විසින් ඔබට ඍජුවම මූල්‍ය පහසුකම් ලබා දෙනු නොලැබේ. අප විසින්, ඔන්ලයින් හරහා ලබා දෙන ණය සංසන්දනය කිරීමේ සේවාව ලබා දෙනු ලැබේ. මූල්‍ය පහසුකම් ලබා දෙන්නන් සහ ණය සැපයුම්කරුවන් අපි ඔබට හඳුන්වා දෙන්නෙමු. අපේ වෙබ් අඩවියට අයදුම්පතක් යොමු කිරීම මගින්, ඔබේ අයදුම්පතේ තොරතුරු අපේ ජාලයේ අඩංගු ණය සැපයුම්කරුවන්ගේ විස්තර සමග සංසන්දනය කිරීමට ඔබ විසින් අපට අවසර සහ කැමැත්ත ප්‍රකාශ කරනු ලැබේ. ඉන්පසු ණය ලබා දෙන්නන් සපයා ඇති නිර්ණායක අනුව, අප සතු ණය දෙන්නන්ගෙන් අවම වශයෙන් එක් අයෙක් ඔබගේ ණය අයදුම්පත අනුමත කරන තුරු හෝ, අපේ සියලුම ණය දෙන්නන් ඔබේ අයදුම්පත ප්‍රතික්ෂේප කරන තුරු, අප විසින් ඔබගේ අයදුම්පතේ අඩංගු විස්තර අප ජාලයේ සිටින ණය දෙන්නන් හෝ ණය සැපයුම්කරුවන් වෙත ලබා දේ. ණය දෙන්නෙකු හෝ ණය සැපයුම්කරුවෙකු ඔබේ අයදුම්පත අනුමත කල හොත් ඔබව අදාල ණය දෙන්නාගේ වෙබ් අඩවිය වෙත යොමු කරනු ලැබේ. (අයදුම්පත අනුමත කල ණය දෙන්නා සතුව ඔන්ලයින් වෙබ් අඩවියක් නොමැති නම්, අදාල ණය දෙන්නාගේ විස්තර සහ ඔවුන් සම්බන්ධ කර ගත හැකි තොරතුරු, අපේ වෙබ් අඩවිය හරහාම ඔබට දැනුම් දෙනු ලැබේ.)
ඉහත ඕනෑම අවස්ථාවක අප ඔබව යොමු කරනු ලබන්නේ ඔබේ අයදුම්පත පරික්ෂා කර එය අනුමත කල, ඔබට ණයක් ලබා දෙන බවට විශ්වාස කල හැකි ණය දෙන්නන් වෙත පමණි. ඔබව අදාළ ණය සැපයුම්කරුවා වෙත සම්බන්ධ කිරීම වෙනුවෙන් ඔවුන් විසින් අපට ගාස්තුවක් ලබා දී තිබිය හැක.
කෙසේ වෙතත් අප සම්බන්ධ කල ණය දෙන්නාගෙන් අනිවාර්යයෙන් ණයක් ලබා ගැනීමට ඔබ බැඳී නැත. ඔබට ලැබුණු ණය දීමනාව වඩාත් සුදුසුම දීමනාවදැයි තීරණය කිරීමට පෙර, ණය සැපයුම්කරුවාගේ කොන්දේසි සහ නියමයන් මනාව කියවා බලන මෙන් අපි ඉල්ලා සිටිමු. ඔබට යම් ගැටලුවක් ඇතොත්, අදාළ ණය දෙන්නා සමග මූල්‍යමය ගනුදෙනුව සඳහා එකඟ වීමට පෙර, ඔවුන් සමග සම්බන්ධ වී සියලු ගැටළු නිරාකරණය කර ගන්න.
ණය දෙන්නන්ගේ වෙබ් අඩවි වල අඩංගුව ඇති ණය මුදල් අගයන්, නැවත ගෙවීමේ කාලයන් සහ පොළී අනුපාත, හුදෙක් උදාහරණ සහිත පැහැදිලි කිරීම් වලට පමණක් යොදාගෙන ඇතිබව කරුණාවෙන් සලකන්න. ණය දෙන්නා මගින් ඔබට සපයනු ලබන සැබෑ සේවාව සම්බන්ධයෙන් මෙම උදාහරණ වල කිසිඳු සබඳතාවක් නැත. එනිසා එම උදාහරණ අගයන්, ඔබට ලබා දෙන සේවාව සම්බන්ධයෙන් වගකීම් සහතිකයක් ලෙස භාවිතා නොකළ යුතුය.
අප විසින් ඔබට කිසිඳු මූල්‍ය පහසුකමක් හෝ ණය මුදලක් ඍජුවම ලබා නොදෙන නිසා, ණය ලබා දෙන්නාගේ වෙබ් අඩවි වල ඇති ණය සම්බන්ධ උදාහරණ වල අඩංගු විස්තර, අපගේ පාලනයෙන් තොරවේ. මීට අමතරව ණය ලබා දීම සම්බන්ධයෙන් ගනු ලබන ඕනෑම තීරණයක් ණය දෙන්නා හෝ සැපයුම්කරුවා සතු වන අතර ඔබට ලබා ණය දීමනා වැඩි කිරීම හෝ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් ගනු ලබන කිසිඳු තීරණයක් අපගේ පාලනයට යටත් නොවේ.
ඔබට ලබා දුන් ණය දීමනා දීර්ඝ කිරීම සම්බන්ධයෙන් තීරණය කිරීමට පෙර, ණය ලබා දෙන්නා හෝ සැපයුම්කරුවා විසින් ඔබේ පසුබිම පිළිබඳව පරීක්ෂාවක් සිදු කරනු ලැබේ. මෙම පසුබිම් පරික්ෂාවට ඔබේ ණය ඉතිහාසය පිළිබඳව සම්පූර්ණ පරීක්ෂාවක් ඇතුලත් විය හෝ නොවිය හැකිය.
මෙම වෙබ් අඩවිය සහ අයිෆ්රේම් පෝරමය ඔබට භාවිතා කල හැක්කේ නිත්‍යානුකූල කටයුතු සඳහා පමණි. මෙම වෙබ් අඩවිය/පෝරමය පහත ක්‍රියාකාරකම් සඳහා ඔබට භාවිතා කල නොහැක.
අ) නීති විරෝධී කටයුතු සඳහා හෝ ප්‍රාදේශීය ,ජාතික, ජාත්‍යන්තර නීති උල්ලංඝනය වන ක්‍රියාකාරකම් සඳහා වෙබ් අඩවියේ සේවා භාවිතා කිරීම.
ආ) බුද්ධිමය දේපල හිමිකම් හෝ තුන්වන පාර්ශවයන්ගේ හිමිකම් උල්ලංඝනය වන ක්‍රියා සිදුකිරීම හෝ එවැනි ක්‍රියා සඳහා අන් අය පෙළඹවීම.
ඇ) නීතිවිරෝධී, අපවාදාත්මක,වැරදි සහගත ලිපි හෝ යහපත් පුද්ගලයෙකු ඉලක්ක කොටගෙන දුෂ්ට, වෛරීසහගත, හිරිහැරකාරී, අසභ්‍ය ලිපි සහ පෝස්ටු පල කිරීම, අප්ලෝඩ් කිරීම, බෙදා ගැනීම.
ඈ) වෙබ් අඩවියේ සේවා වල ඇති ආරක්ෂක උපක්‍රම වලට හානිදායක ලෙස ක්‍රියාකිරීම.
ඈ) පරිගණක වෛරස, ඇඩ්වෙයා, ස්පයිවෙයා හෝ වෙනත් හානිදායක පරිගණක වැඩසටහන් අප්ලෝඩ් කිරීම, තම අභිමතය පරිදි දීමනා සහ වෙළඳ දැන්වීම් අනෙක් පරිශීලකයන්ට පෙන්වීම හෝ පරිශීලකයන්ගේ හා තුන්වන පාර්ශවයන්ගේ අවසරයකින් තොරව ඔවුන්ගේ පුද්ගලික තොරතුරු එක්රැස් කිරීම වැනි, වෙබ් අඩවි පරිශීලකයන්ගේ සේවා පරිහරණයට බාධා පමුණුවන ආකාරයේ ක්‍රියාවන් සිදු කිරීම.
ඉ) වෙබ් ස්ක්රේපින්, ස්පයිඩර්,රොබෝ හෝ අනෙකුත් ස්වයංක්‍රීය ක්‍රියාවලීන් හරහා හෝ Cashspace හි ලිඛිත අවසරයකින් තොරව, වෙබ් අඩවියේ තොරතුරු වලට ප්‍රවේශ වීම, පිටපත් කිරීම සහ අධීක්ෂණය කිරීම.
ඊ) වෙනත් පුද්ගලයෙකු හෝ ආයතනයක් ලෙස පෙනී සිටීම, ව්‍යාජ අනුබද්ධ ආයතන නමින් පෙනී සිටීම, අනවසරයෙන් අනෙකුත් පරිශීලකයන්ගේ ගිණුම් වලට පිවිසීම, ඔබේ වයස, උපන්දිනය ආදිය ගැන වැරදි තොරතුරු සැපයීම හෝ ව්‍යාජ අනන්‍යතාවයක් පෙන්වීම ආදී වංචාසහගත ක්‍රියාකාරකම් සිදු කිරීම.
උ) වෙබ් අඩවියට ප්‍රවේශ වීම සඳහා ඔබට ලබා දුන් අවසරය සම්බන්ධ තොරතුරු (පරිශීලක නම, මුර පදය ආදිය) වෙනත් අයට විකිණීම හෝ පැවරීම.
ඔබ අයදුම්පත යොමු කල පසු අදාල තීරණ දැනුම් දීම සඳහා ණය දෙන්නා හෝ සැපයුම්කරුවා විසින්, ණය පරික්ෂා සහ වංචා වැලැක්වීමේ ඒජන්සි සම්බන්ධ කර ගනු ඇත. ණය පරික්ෂා සහ වංචා වැලැක්වීමේ ඒජන්සි මගින් වංචා සහගත අයදුම්පත් එවීම වැලැක්වීම සිදු කරන නිසා ඔබේ අනන්‍යතාවය ආරක්ෂා කිරීම සඳහා, ඔබේ දත්ත එම කාර්යයන් සඳහා භාවිතා කිරීමට ඉඩ දෙන මෙන් අපි ඔබෙන් ඉල්ලා සිටිමු.
ඔබ විසින් හැමවිටම සත්‍ය සහ නිරවද්‍ය තොරතුරු සැපයිය යුතුය. නොමග යවන සුළු තොරතුරු සැපයීම අපේ නියම සහ කොන්දේසි කඩ කිරීමක් ලෙස සලකනු ලැබේ. එසේම එය ණය සැපයුම්කරුවන්ගේ ගිවිසුම කඩ කිරීමක් ලෙසද සැලකිය හැක. දැනුවත්ව අසත්‍ය තොරතුරු සැපයීම අපරාධ දඬුවමට යටත් වන ක්‍රියාවකි.
ඔබව නියෝජනය කිරීමට ඔබ විසින් තුන්වන පාර්ශවයක් යොදාගෙන ඇතිනම් එම තුන්වන පාර්ශවය මගින් සපයනු ලබන තොරතුරු ගිවිසුම්ප්‍රකාරව ඔබව නියෝජනය කරනු ලබයි. ඔබ තවත් පාර්ශවයක් සමග සම්බන්ධ වී ඒකාබද්ධ අයදුම්පතක් යොමු කිරීමට බලාපොරොත්තු වන්නේ නම්, අයදුම්පතට අදාළ ඕනෑම පාර්ශවයක් එකිනෙකාගෙන් අවසර ලැබූ තනි පාරිභෝගිකයෙකු ලෙස සලකනු ලැබේ. ඒකාබද්ධ අයදුම්පතට අදාල ඕනෑම තනි පාර්ශවයක් සමග හුවමාරු වන තොරතුරු සහ අදාල ගනුදෙනු විස්තර, අයදුම්පතට අදාළ පාර්ශව දෙකටම සම්බන්ධ සේ සලකනු ලැබේ.
අප විසින් ඔබ සම්බන්ධ තොරතුරු (ඔබ වෙබ් අඩවියට පැමිණි වාර ගණන සහ අනෙකුත් තොරතුරු) භාවිතා කරනු ලබන්නේ අපගේ පෞද්ගලිකත්ව ප්‍රතිපත්තියට අනුකූලව පමණි. අපගේ වෙබ් අඩවිය සහ පෝරමය භාවිතා කිරීම මගින් ඔබේ පුද්ගලික තොරතුරු සැකසීමට අපට ඔබේ අවසරය ලබා දෙන අතර එම නිසා සපයනු ලබන දත්ත සහ තොරතුරු, සත්‍ය සහ නිවැරදි බවට ඔබ විසින් සහතික කල යුතුය.
එවනු ලැබූ අයදුම්පතට අනුකූලව ඔබව දැනුවත් කිරීම සඳහා සහ ඔබට අදාල විය හැකි අනෙකුත් විස්තර හෝ සේවා පිළිබඳව දැනුම් දීම සඳහා අප විසින් දුරකථන ඇමතුම්, එස්එම්එස්, තැපැල්, ඊමේල් සහ/හෝ ස්වයංක්‍රීය මැසේජ මගින් ඔබ සමග සන්නිවේදනය කරනු ලැබිය හැක.
මෙම වෙබ් අඩවිය සහ පෝරමය ක්‍රියාත්මක වන්නේ සහ පාලනය වන්නේ ශ්‍රී ලාංකික ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජය තුළය. මෙම ලේඛනයේ සඳහන් කොන්දේසි සහ මේ සමග සම්බන්ධ වන ඕනෑම ගිවිසුම් රහිත බැඳීමක් හසුරවනු ලබන්නේ ශ්‍රී ලාංකික ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ නීති වලට අනුකූලවය. මෙම වෙබ් අඩවිය භාවිතා කිරීම මගින් ශ්‍රී ලාංකික උසාවියේ අධිකරණ බලතල වලට කොන්දේසි විරහිතව යටත් වීමට ඔබ එකඟ වේ.
තොරතුරු මකා දැමීම හෝ ඉවත් කිරීමේ ඔබේ අයිතිය භාවිත කොට ඔබේ පුද්ගලික විස්තර ඉවත් කිරීමට ඔබට ඉල්ලීමට අවශ්‍ය නම් කරුණාකර unsub.cashspace.lk සබැඳියට පිවිසෙන්න. එසේ නැතිනම් [email protected] ලිපිනයට ඊමේල් පණිවිඩයක් යොමු කරන්න.
ඔබ තෘප්තිමත් වන ආකාරයෙන් අපේ සේවය ලබා දීමට අපි නිරතුරුවම කැපවී සිටිමු. කෙසේවෙතත් ඔබට විධිමත් පැමිණිල්ලක් සිදු කිරීමට අවශ්‍ය නම් එම පැමිණිල්ල [email protected] යන ඊමේල් ලිපිනයට යොමු කරන්න.