අප විසින් ඔබෙන් තොරතුරු එකතු කරන ආකාරය, භාවිතා කරන ආකාරය, එම තොරතුරු බෙදා ගන්නා පිරිස් පිලිබඳ විස්තර, ඔබේ තොරතුරු ආරක්ෂා කිරීමට අප විසින් ගන්නා ක්‍රියා මාර්ග, ආදී තොරතුරු මෙම පුද්ගලිකත්ව ප්‍රතිපත්තියේ අඩංගු වේ. වෙබ් අඩවියේ සේවා භාවිතා කිරීම මගින් මෙම ප්‍රතිපත්තියේ සඳහන් පුද්ගලිකත්ව ආරක්ෂණ පියවර අනුගමනය කිරීමට ඔබේ අනුමැතිය ලබා දේ.
Cashspace යනු Fininity ආයතනයේ වෙළඳ නාමය වන අතර ආයතන අංක: 14523902 යටතේ එස්තෝනියාවේ ලියාපදිංචි කර ඇත. ලියාපදිංචි කාර්යාලය; ටාටු එම්එන්ටී 52-116, 10115 ටැලින් එස්තෝනියාව.
Cashspace හි අප ඔබේ පුද්ගලිකත්වයේ ඇති වටිනාකම පිළිබඳව හොඳින් අවබෝධ කරගෙන සිටිමු. ඔබේ තොරතුරු භාවිතා කිරීමේදී, ඕනෑම අධිකරණයක් මගින් බලාත්මක කර ඇති, පුද්ගලයන්ගේ ප්‍රාථමික අයිතීන් සහ නිදහස ආරක්ෂා කරන ඕනෑම නීතියක් සහ යහපත් දත්ත කළමනාකරණ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට නිරතුරුවම අපි බැඳී සිටිමු. මෙම ප්රකාශනයේදී අපේ පාරිභෝගිකයා වන ඔබ පිළිබඳව අප, එනම් Cashspace විසින් ලබා ගන්නා තොරතුරු අප විසින් විස්තර කරනු ලැබේ. එසේම අප විසින් තොරතුරු ලබා ගන්නා ආකාරය, ඒවා භාවිතා කරන ආකාරය සහ එම තොරතුරු ආරක්ෂා කරන ආකාරය පිළිබඳව විස්තර කරනු ලැබේ.
මෙම පුද්ගලිකත්ව ප්‍රතිපත්තිය, අපට සහ අප විසින් එකතු කරගන්නා හෝ රඳවා ගන්නා තොරතුරු වලට පමණක් අදාල වේ. මෙම පුද්ගලිකත්ව ප්‍රතිපත්තියේ අන්තර්ගතය වෙනස් කිරීමේ අයිතිය අප සතු වන අතර එවන් වෙනස්කමක් සිදු කල හොත් එම සංශෝධිත ප්‍රතිපත්තිය අපගේ වෙබ් අඩවියේ ඇතුලත් කරනු ලැබේ.
අපගේ ණය ලබා දෙන්නන් සහ ණය බ්‍රෝකර්වරුන් ඇතුළුව අප සියලු දෙනා ඔබගේ ණය අයදුම්පත අනුමත කිරීමේ ක්‍රියාවලිය පිලිබඳ ඔබව නිරන්තරයෙන් දැනුවත් කරන්නෙමු. ඔබ විසින් විශේෂයෙන් සඳහන් නොකරන අවස්ථාවක හැරුණු කොට, දුරකථන ඇමතුම්, එස්එම්එස්, තැපැල්, ඊමේල් සහ/හෝ ස්වයංක්‍රීය මැසේජ මගින් අප විසින් ඔබ සමග සන්නිවේදනය කරනු ලැබේ./හෝ ස්වයංක්‍රීය මැසේජ මගින් අප විසින් ඔබ සමග සන්නිවේදනය කරනු ලැබේ.
ඔබගේ පුද්ගලික දත්ත භාවිතා කිරීමේ නීතිමය පදනම
ඔබේ පුද්ගලික දත්ත අප විසින් භාවිතා කරන්නේ සැමවිටම නීතිමය පදනමක් අනුවය. ඔබේ පුද්ගලික දත්ත සැකසීමේදී විවිධාකරයේ නීතිමය පදනම් රැසක් අප විසින් භාවිතයට ගනු ලැබේ.
ඔබ විසින් ණය අයදුම්පත Cashspace වෙත යොමු කල පසු එම ණය අයදුම්පත පිළිබඳව ඔබව දැනුවත් කිරීම සඳහා ඔබව සම්බන්ධ කර ගැනීමට Fininity ආයතනය සහ ඒ හා සම්බන්ධ ණය සැපයුම්කරුවන් මඩුල්ල හෝ ණය බ්‍රෝකර්වරුන්ට ඔබ විසින් අවසරය ලබා දේ. එම පදනම අනුව අප විසින් ඔබේ පුද්ගලික දත්ත සකසනු ලබයි.
ඔබේ පුද්ගලික දත්ත වෙළඳ අවශ්‍යතා සඳහා භාවිතා කිරීමේ අවසරය ඔබට ඉවත් කර ගැනීමට අවශ්‍ය නම් එය ඕනෑම අවස්ථාවක ඔබට සිදු කල හැකිය. ඒ සඳහා අපෙන් හෝ අපට අදාල ඕනෑම මුලාශ්රයකින් ඔබට ලැබෙන, වෙළඳ ප්‍රවර්ධනය හා සම්බන්ධ එස්එම්එස් පණිවිඩයේ හෝ ඊමේල් පණිවිඩයේ ඇති “අන්සබ්ස්ක්‍රයිබ්”සබැඳිය ක්ලික් කරන්න. අපගේ දත්ත ආරක්ෂණ නිලධාරියා වෙත [email protected] ලිපිනයට ඊමේල් පණිවිඩයක් යොමු කිරීම මගින්ද ඔබේ අවසරය ඉවත් කර ගත හැක. ඔබේ පුද්ගලික දත්ත සැකසීම සඳහා කලින් ලබා දුන් අවසරය ඉවත් කර ගැනීම මගින්, ඔබ අවසරය ඉවත් කරගැනීමට පෙර අප විසින් සිදු කරන ඔබේ පුද්ගලික දත්ත සැකසුම් ක්‍රියාවලියේ නීතිමය තත්වයට කිසිඳු හානියක් සිදු වන්නේ නැත.
ණය අයදුම්පත හරහා ඔබ විසින් පුද්ගලික දත්ත ලබා දුන් විට, ඔබට අවශ්‍ය ණය මුදල ලබා දීමේ අරමුණ සහිතව ඔබේ දත්ත සැකසුම් ක්‍රියාවලිය අපි සිදු කරමු. Fininity ආයතනය සහ අපගේ ණය සැපයුම්කරුවන් මඩුල්ල සහ/හෝ ණය බ්‍රෝකර්වරුන් විසින් ඔබේ ණය අයදුම්පතට අදාළ තොරතුරු හුවමාරු කර ගැනීමට ඔබව සම්බන්ධ කරගනු ඇත.
ඔබ විසින් ඉල්ලා ඇති ණය මුදල ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම සඳහා ඔබේ අයදුම්පත අපගේ ණය සැපයුම්කරුවන් මඩුල්ල සහ/හෝ ණය බ්‍රෝකර්වරුන් වෙත යොමු කිරීම මගින් අප විසින් ඔබේ දත්ත සැකසුම් කිරීමේ නීත්‍යානුකූල අභිරුචිය පවත්වා ගනු ලබයි.
පාරිභෝගිකයා විසින් විශේෂයෙන් අවසර ලබා නොදුන් අවස්ථාවක හැරුණු කොට, තොරතුරු ලබා දීම, ණය අයදුම්පතේ විස්තර දැනුම් දීම, අපගේ අනුබද්ධ ආයතන වල තොරතුරු දැනුම් දීම වැනි කටයුතු සඳහා, දුරකථන ඇමතුම්, එස්එම්එස්, තැපැල්, ඊමේල් සහ/හෝ ස්වයංක්‍රීය මැසේජ මගින්, අප විසින් පාරිභෝගිකයා සමග සන්නිවේදනය කරනු ලැබේ. හඳුනාගත් පාරිභෝගිකයන්ගේ අභිරුචිය අනුව දීමනා පිලිබඳ විස්තර ලබා දීම සඳහා ඇතැම් තුන්වන පාර්ශවයන්ද පුද්ගලික තොරතුරු /දිනය අපට ලබා දිය හැක. තුන්වන පාර්ශවයන්ගෙන් අපට ලැබෙන තොරතුරු/ දත්ත වල නිරවද්‍යභාවය පිළිබඳව අප විසින් නිරතුරුව පරික්ෂා කරනු ලබයි.
ඔබ පුෂ් නොටිෆිකේෂන්ස් වලට අවසර දී ඇතිනම් අප විසින් ඔබේ ජංගම දුරකතනයට හෝ වෙබ් බ්‍රව්සරයට අප විසින් පුෂ් නොටිෆිකෙෂන්ස් එවනු ලැබේ. මෙම පුෂ් නොටිෆිකෙෂන්ස් වල අපගේ හෝ තුන්වන පාර්ශවයන් වල වෙළඳ ප්‍රවර්ධන පණිවිඩ අඩංගු විය හැක. ඔබට ඕනෑම අවස්ථාවක ඔබේ වෙබ් බ්‍රව්සරයේ හෝ ජංගම දුරකතනයේ සැකසුම් මගින් පුෂ් නොටිෆිකේෂන් සැකසුම් වෙනස් කල හැක.
අප සතුවන ඔබගේ පුද්ගලික තොරතුරු/දත්ත නිවැරදි සහ යාවත්කාලීන බවට සනාථ කිරීම ඔබ සතු වගකීමකි. ඔබට පුද්ගලික තොරතුරු නිවැරදි කිරීමට හෝ යාවත්කාලීන කිරීමට අවශ්‍ය නම් හැකි ඉක්මනින් අප හා සම්බන්ධ වන්න.
අපේ සේවාවන් පිලිබඳ ඔබ විසින් ගැටළුවක් යොමු කල හොත් හෝ [email protected] ලිපිනයට ඊමේල් පණිවිඩයක් යොමු කල හොත්, ඔබේ ගැටලුවට වඩාත් හොඳින් පිළිතුරු සැපයීම සඳහා අප විසින් ඉහත සඳහන් කල පුද්ගලික තොරතුරු සමහරක් ලබා ගනු ඇත.
ඔබ විසින් ඔන්ලයින් හරහා ණයක් අයදුම් කල පසු සුදුසු ණය දීමනා සැකසීම සඳහා අප විසින් ඔබගේ පුද්ගලික තොරතුරු එකතු කරනු ලබයි. අපගේ සේවාවන් ඔබට ලබා දෙන අතරම ඔබ අපගේ වෙබ් අඩවිය භාවිතා කරන ආකාරය පිලිබඳ තොරතුරුද අප විසින් එකතු කරනු ලබයි. ඔබ විසින් නැරඹු වෙබ් පිටු පිලිබඳ විස්තර, අපගේ වෙබ් අඩවියට පැමිණීම සඳහා ඔබ විසින් භාවිතා කල බාහිර වෙබ් අඩවි, අපට ලබා දුන් පුද්ගලික තොරතුරු සඳහා ඔබ විසින් සිදු කල වෙනස්කම්, ඔබ විසින් ඉල්ලුම් කරන ලද ණය පිලිබඳ විස්තර සහ ඔබේ රැකියා ස්ථානය, මූල්‍ය විස්තර,බැංකු ගිණුම් විස්තර, ආදී ණය අයදුම්පතේ අඩංගු තොරතුරු ද අප විසින් ගබඩා කරගනු ඇත.
ඔබට වඩාත්ම සුදුසු ණය දීමනාව ලබා දීම සඳහා ඔබගේ පුද්ගලික තොරතුරු එකතු කරගැනීම අනිවාර්ය බව කරුණාවෙන් සලකන්න. ණය දීමනාවක් ඉල්ලුම් කිරීම මගින් ඔබ විසින් ලබා දුන් දත්ත සැකසීම සඳහා අපට සහ, ණය දෙන්නන්, ණය බ්‍රෝකර්වරුන් වැනි අප හා සම්බන්ධ තුන්වන පාර්ශවයන්ට ඔබ විසින් අවසරය ලබා දෙනු ලබයි.
ඔබ ලබා දෙන තොරතුරු අප විසින් ගබඩා කරනු ලබයි. ඉදිරියේදී ඔබ විසින් වෙබ් අඩවිය භාවිතා කරන විට, එම ගබඩා කරන ලද තොරතුරු නිසා ඇතැම් විස්තර නැවත පිරවීමකින් තොරව පහසුවෙන් වෙබ් අඩවිය භාවිතා කිරීමට ඔබට හැකි වනු ඇත.
නීතියෙන් බලාත්මක කර ඇති කාලයට වඩා වැඩි කාලයක් අප විසින් ඔබේ තොරතුරු ගබඩා කර නොගන්නා බව කරුණාවෙන් සලකන්න. එය සහතික කිරීමට කාලයෙන් කාලයට ඔබේ තොරතුරු අප විසින් විශ්ලේෂණය කරනු ලැබේ.
ඔබේ තොරතුරු සුරක්ෂිතව තබා ගැනීම අපට අතිශය වැදගත් වේ. අන්තර්ජාලය හරහා ඔබ විසින් සන්නිවේදනය කරන ලද තොරතුරු සම්පූර්ණයෙන්ම සුරක්ෂිත නැතිවුනත් ඔබ විසින් අපට ලබා දෙන තොරතුරු සුරක්ෂිත කිරීමට අප විසින් සියලු ක්‍රියාමාර්ග ගනු ලැබේ. කෙසේ වෙතත් ඔබේ තොරතුරු මුළුමනින්ම සුරක්ෂිත බවට අපට සහතික කල නොහැකි අතර ඒ සම්බන්ධයෙන් වගකීමක්ද අපට ලබා දිය නොහැක. එනිසා තොරතුරු ලබා දීමේදී එම අවදානම ඔබ විසින් වටහා ගත යුතුය. අන්තර්ජාලයට පුද්ගලික දත්ත ලබා දීම මගින්, නොවැලැක්විය හැකි ආවේනික, අවදානම් සහගත තත්වයන් ඇතිවිය හැකි බව, අපගේ වෙබ් අඩවිය භාවිතා කිරීම හරහා ඔබ විසින් පිළිගනු ලැබේ. දත්ත ආරක්ෂාව බිඳ වැටුණු අවස්ථාවකදී ඒ සඳහා අපට වගකීමක් භාර ගත නොහැකි බව ඔබ විසින් පිළිගනු ලැබේ.
අප විසින් ඔබේ පුද්ගලික තොරතුරු පහත සඳහන් ක්‍රියාවලීන් සඳහා භාවිතා කල හැක:
සේවාවන් පිළිබඳ ඔබ දැනුවත් බව සහතික කර ගැනීම
සේවාවන්, නිෂ්පාදන සහ ඔබට වැදගත් විය හැකි අනෙකුත් අලෙවි ප්‍රවර්ධන විස්තර එවීම සඳහා, අප සහ( ඔබේ අවසරය සහිතව) අප විශ්වාස කරනු ලබන තුන්වන පාර්ශවයන්ට, දුරකථන ඇමතුම්, එස්එම්එස්, තැපැල්, ඊමේල් සහ/හෝ ස්වයංක්‍රීය මැසේජ හෝ අනෙකුත් ඕනෑම ඉලෙක්ට්‍රොනික සන්නිවේදන මාධ්‍යයක් හරහා ඔබව සම්බන්ධ කර ගැනීමට ඉඩ ලබා දෙන බවට අපගේ වෙබ් අඩවිය භාවිතා කිරීම මගින් ඔබ එකඟ වේ.
ඔබේ පුද්ගලික තොරතුරු අපට ලබා දෙන ඕනෑම අවස්ථාවක, අලෙවි කටයුතු සඳහා ඔබේ තොරතුරු භාවිතා කිරීමේ අවසරය අප විසින් ඔබෙන් ඉල්ලා සිටීම සහ/හෝ ඒ සඳහා අවසර නොදෙන බවට ඔබට පැවසීමට අවස්ථාවක්, අවශ්‍යතාවය අනුව අප විසින් ලබා දෙනු ලැබේ. ඔබ විසින් විශේෂයෙන් සඳහන් කල හොත් හැරුණු කොට, එවැනි භාවිතයක් සඳහා ඔබ විසින් අවසර ලබා දේ.
ණය අයදුම්පත පුරවා ඇතුලත් කිරීම මගින් ඔබේ පුද්ගලික තොරතුරු පහත සඳහන් පාර්ශවයන් වෙත හෙළි කිරීමට ඔබේ අවසරය ලබා දේ:
පහත දක්වා ඇති පුද්ගලිකත්ව සහ දත්ත ආරක්ෂණ නීති රෙගුලාසි අනුව අවශ්‍ය අවස්ථාවක අප විසින් ඔබේ ගිණුමට ප්‍රවේශ වීමට සහ සහ/ හෝ ඔබ සම්බන්ධ තොරතුරු හෙළි කිරීමට සිදු විය හැක (අයිපී ලිපිනය ආදී ඔබේ ඉලෙක්ට්‍රොනික හඳුනාගැනීමේ ලිපිනද ඇතුළුව)
අපගේ ණය දෙන්නන් මඩුල්ලේ සිටින ඇතැම් සැපයුම්කරුවන් ඔබට ණය මුදල ලබා දීමට පෙර ඔබේ පුද්ගලික තොරතුරු භාවිතා කොට ඔබගේ වත්මන් තත්වය පිලිබඳ පරික්ෂා කිරීම සහ (ඔබේ අයදුම්පතේ සඳහන් තුන්වන පාර්ශවයන්ද ඇතුළුව)ඔබ ලබා දුන් තොරතුරු වල නිරවද්‍යතාවය පරික්ෂා කල හැක. ඇතැම් ණය සැපයුම්කරුවන් මෙම පරික්ෂාව, වංචා දූෂණ වැලැක්වීමේ සහ ණය නිර්දේශිත ආයතන හා සම්බන්ධව සිදු කල හැක. මේ හරහා ඔවුන් විසින් ඔබේ පුද්ගලික සහ පොදු දත්ත පරික්ෂාව සිදු කල හැක. ඇතැම් සැපයුම්කරුවන් ඔබට දිය යුතු ණය මුදලේ අගය තීරණය කිරීමට, ඔවුන් සතුව දැනටමත් පවතින ඔබේ තොරතුරු, වන ඔබ දැනට ලබා ගත් ණය වල තොරතුරු, ගිණුම් විස්තර, හෝ කලින් ගනුදෙනු වල විස්තර ආදී තොරතුරු පරික්ෂා කල හැක.
සැපයුම්කරුන්වන් ඔබ පිලිබඳ එවැනි පරීක්ෂාවක් සිදුකරයි නම් එම සෙවීම පිළිබඳව සටහනක්, ඔබේ ණය වාර්තාවේ ඇතුලත් වනු ඇත. ඇතැම් සැපයුම්කරුවන් ඔබේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව සෙවීමට, අධ්‍යාපනය සම්බන්ධ මුලාශ්‍රද පරික්ෂා කල හැක.
මෙමගින් ණය දීමනාව ලබා දීමේ ක්‍රියාවලියේදී ඔබ ලබා දෙන තොරතුරු සනාථ කරගැනීමට සැපයුම්කරුවන්ට අවස්ථාව සැලසේ. මේ හරහා වංචා සහගත ණය ලබා ගැනීමේ උත්සාහයන් හඳුනා ගැනීමටද හැකියාව ලැබේ. ඔබ අනෙකුත් මූලාශ්‍ර මගින් ණය ලබා ගන්නා විටද මෙම පරීක්ෂාවන් සාමාන්‍යයෙන් සිදුවේ.
ඔබ විසින් තුන්වන පාර්ශවයන්ට ලබා දෙන වැඩිදුර තොරතුරු වලට අමතරව, ඔබ ණය අයදුම්පතක් සම්පූර්ණ කිරීමේදී අපට ලබා දෙන තොරතුරුද, තුන්වන පාර්ශවයේ සැපයුම්කරුවන්ගේ පුද්ගලික ප්‍රතිපත්ති වලට අනුකූලව ඔවුන් විසින් රඳවා තබා ගනියි. එම නිසා ඔබ ණය ගනුදෙනුවක් අවසන් කිරීමට පෙර, ණය ලබා දෙන්නාගේ පුද්ගලික ප්රතිපත්තියද හොඳින් කියවා බලන මෙන් අපි ඔබෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු. ණය ලබා දෙන්නා විසින් ඔබේ පුද්ගලික තොරතුරු භාවිතා කරන ආකාරය පිලිබඳ කිසිඳු වගකීමක් අප විසින් දරනු නොලැබේ.
දත්ත සැකසුම් ගිවිසුමට අනුව පහත හිමිකම්ද ඇතුලත්ව තවත් හිමිකම් රැසක් ඔබ සතු වේ.
තොරතුරු දැන ගැනීමේ අයිතිය - මෙම හිමිකම හරහා Cashspace මගින් සියලු පාරිභෝගිකයන්ට ඔවුන්ගේ පුද්ගලික තොරතුරු එකතු කිරීම, පාලනය කිරීම සහ සැකසීම පිලිබඳ තොරතුරු, පැහැදිලිව සහ විනිවිද භාවයකින් යුතුව ලබා දීමට එකඟ වේ.
ප්‍රවේශ වීමේ අයිතිය - පුද්ගලික දත්ත වල පිටපත් ප්‍රවේශ ඉල්ලීමක් මගින් ඉල්ලා සිටිය හැකි අතර සාමාන්‍යයෙන් දින 30 නීතිමය සම්මතයට අනුකූලව ගාස්තුවකින් තොරව එය ලබා ගත හැක. ඉල්ලීමේ ස්වභාවය අනුව මෙම අවශ්‍යතා වල යම් වෙනසක් සිදු කරගැනීමට හැකි නමුත් එවැනි අවස්ථා විශේෂ ලෙස සලකනු ලබන අතර එවැනි ඉල්ලීම් ඉහළ කළමනාකාරිත්වය මගින් අනුමත කල යුතුය. වැඩි විස්තර සඳහා වෙබ් අඩවියේ “අප සම්බන්ධ කරගන්න” කොටස පරිහරණය කරන්න.
තොරතුරු නිවැරදි කිරීමේ අයිතිය - අප සතුව ඔබේ වැරදි තොරතුරු ඇති අවස්ථාවක, කරුණාකර ඒවා නිවැරදි කිරීමට අවශ්‍ය උපදෙස් අපට ලබා දෙන්න.එවිට පැය 72ක් තුල අදාළ තොරතුරු යාවත්කාලීන වන අතර, විස්තර නිවැරදි කල පසු ඒ පිළිබඳව ඔබට දැනුම් දෙනු ලැබේ.(මෙය සිදු කරන්නේ ඔබේ අනන්‍යතාවය සතුටුදායක ලෙස තහවුරු කර ගැනීමෙන් අනතුරුවයි.)
දත්ත සැකසීම තහනම් කිරීමේ අයිතිය - ඔබ විසින් තොරතුරු වල නිරවද්‍යතාවය පිලිබඳ පැමිණිලි කල විට හෝ එම දත්ත වල නීතිමය තත්වය පිලිබඳ ඔබ විසින් අභියෝග කල අවස්ථාවක හෝ නීතිමය බාධාවක් පවතින අවස්ථාවක ඔබේ දත්ත සැකසීම අප විසින් සිදු කරනු නොලැබේ.
එරෙහි වීමේ අයිතිය - Cashspace මගින් ඔබේ දත්ත සැකසීමේදී එමගින් ඔබේ නිදහස් අයිතියට බධාවක් සිදු වේ නම් එයට එරෙහි වීමේ අයිතිය ඔබ සතුව ඇත. ඔබව සම්බන්ධ කරගෙන් සිදු කරන ඍජු අලෙවි වැඩසටහන් වලට එරෙහිවීම් සඳහා පැය 48ක් ඇතුලත පියවර ගන්නා අතර අනෙකුත් ඕනෑම එරෙහි වීමක් පැමිණිල්ලක් ලෙස සළකා අපගේ ලිඛිතව සඳහන් කර ඇති නීතිමය පදනම අනුව ඒ සඳහා පියවර ගනු ලැබේ.
දත්ත මකා දැමීමේ අයිතිය - මෙය අමතක කිරීමේ අයිතිය ලෙසද පොදුවේ හඳුන්වනු ලබන අතර Cashspace මගින් පූර්ණ හෝ අර්ධ වශයෙන් ලබා ගන්නා නීතිමය අවසරය මත සාමාන්‍යයෙන් පය 72ක් ඇතුලත ඔබේ ඉල්ලීම ඉටු කිරීමට ක්‍රියා කරනු ලැබේ. නියාමන හෝ නීතිමය අවශ්‍යතා සඳහා අවශ්‍ය වන දත්ත, මෙම ලේඛනයේ සඳහන් කර ඇති රඳවා ගැනීමේ කාල වකවානු වලට අනුව, අප විසින් ගබඩා කර තබා ගන්නා නමුත් අප කණ්ඩායම විසින් ඔබේ නිදහස් අයිතිය රැක ගැනීමේ අරමුණින් ඔබේ ඉල්ලීම් ඉටු කිරීමට ඇති හැකියාව පිළිබඳව හැම විටම සලකා බලනු ලැබේ.
අවශ්‍ය පරිදි දත්ත හැසිරවීමේ අයිතිය - ඔබ විසින් අපට සපයනු ලබන දත්ත වඩා සංවිධානාත්මක, වැඩිපුර භාවිතා වන සහ පරිගණකයට හඳුනා ගත හැකි ආකාරයේ ආකෘතිය අනුව නැවත ලබා ගැනීමේ අයිතිය ඔබ සතු වේ. එසේම එම දත්ත කලානුරුපීව වෙනත් පාලකයක් වෙත යැවීමේ අයිතියද ඔබ සතුවේ. ඔබේ දත්ත හැසිරවීමේ ඉල්ලීම සම්බන්ධයෙන් අසාධාරණ හෝ අයුතුසහගත සාක්ෂි නොමැති නම් සාමාන්‍යයෙන් පැය 72ක් තුළ ඔබගේ ඉල්ලීම අප විසින් ඉටු කරනු ලැබේ.
ස්වයංක්‍රීය තීරණ ගැනීම සහ වර්ගීකරණය සම්බන්ධ අයිතිය - අපගේ යාන්ත්‍රික පද්ධතිය හරහා ගනු ලබන ස්වයංක්‍රීය තීරණ වලට එරෙහි වීමට, ඒ සම්බන්ධ ඔබේ මතය පැහැදිලි කිරීමට, එම තීරණ මානව සම්පත් යොදාගෙන පරික්ෂා කිරීමට, ලබා ගත් තීරණය ඔබේ මතය අනුව අභියෝගයට ලක් කිරීමට, ඔබට අයිතිය ඇත.
ඔබේ දත්ත සම්බන්ධ අයිතීන් සුරක්ෂිත කිරීමට Cashspace විසින් ඉතා ශක්තිමත් ප්‍රතිපත්ති මාලවක් සකසා ඇති නමුත් ඇතැම් අවස්ථා වලදී අප විසින් ඉදිරිපත් කරන ඇතැම් හේතු ප්‍රාකාරව මෙම ප්‍රතිපත්ති ඉටු කිරීම අපහසු විය හැක.
ඉහත සඳහන් සියලු අයිතීන් සම්බන්ධ වැඩි විස්තර දැන ගැනීම සඳහා අපව සම්බන්ධ කර ගැනීමට [email protected] ඊමේල් ලිපිනය භාවිතා කරන්න. ඔබට වැඩිදුර තොරතුරු ලබා දීමට පෙර අප විසින් ඔබේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට පියවර ගන්නා බව කරුණාවෙන් සලකන්න.
ඔබේ පුද්ගලික තොරතුරු අපට ලබා දීමේ හේතුව අනුව අප විසින් එම තොරතුරු රඳවා තබා ගන්නා කාලය වෙනස් විය හැක.
Cashspace මගින් ඔබව සම්බන්ධ කරගැනීමෙන් වලකින ලෙස, අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඉල්ලා සිටීමට ඔබට අයිතිය ඇත. අපගෙන් ඔබට ලැබෙන සියලුම අලෙවි ප්‍රවර්ධන පණිවිඩ වල, එම පණිවිඩ නැවත එවීම නවත්වන ලෙස විධානය කිරීමට අවශ්‍ය සබැඳි සපයා ඇත. කරුණාකර ඔබේ ඉල්ලීම ඉටු කිරීමට අපට පැය 48ක් ලබා දෙන්න.
තොරතුරු මකා දැමීම හෝ ඉවත් කිරීමේ ඔබේ අයිතිය භාවිත කොට ඔබේ පුද්ගලික විස්තර ඉවත් කිරීමට ඔබට ඉල්ලීමට අවශ්‍ය නම් කරුණාකර unsub.cashspace.lk සබැඳියට පිවිසෙන්න. එසේ නැතිනම් [email protected] ලිපිනයට ඊමේල් පණිවිඩයක් යොමු කරන්න.
ආයතනික පැවරීම්, ආයතන ඒකාබද්ධ වීම්, හෝ වත්කම් විකිණීම් හෝ, ඉතා දුලබ සිදුවීමක් විය හැකි, ආයතනික බංකොලොත් වීමක් වැනි අවස්ථාවකදී, අප විසින් පරිශීලකයන්ගෙන් එකතු කර ගන්නා තොරතුරු, පැවරීමට හෝ තවත් පාර්ශවයකට භාර කිරීමේ අයිතිය Cashspace සතු වේ.
මෙම පුද්ගලිකත්ව ප්‍රතිපත්තියට ඕනෑම අවස්ථාවක වෙනස්කම් සිදු කිරීමේ අයිතිය අප සතු වේ. එවැනි භෞතිකමය වෙනස්කමක් සිදු කරන ලද ඕනෑම අවස්ථාවක ඒ සම්බන්ධ දැන්වීමක් වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කිරීම මගින් හෝ ඊමේල් පණිවිඩයක් යොමු කිරීම මගින් අප විසින් ඔබව දැනුවත් කරනු ලැබේ. එවිට අපේ සේවාව ඉදිරියට ලබා ගැනීම සම්බන්ධව ඔබට තීරණය කල හැක. අපගේ දැනුම්දීමෙන් හෝ ඔබ විසින් අපගේ වෙනස් කරන ලද කොන්දේසි වලට කැමැත්ත ලබාදීමෙන් දින 30ක් යන තුරු භෞතිකමය වෙනස්කම් වලංගු වේ. යාවත්කාලීන කරන ලද පුද්ගලිකත්ව ප්‍රතිපත්තිය වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කිරීමෙන් පසුව භෞතිකමය නොවන වෙනස්කම් වලංගු වේ. පුද්ගලිකත්ව ප්‍රතිපත්තිය පිළිබඳව සිදු කරන වෙනස්කම් පිලිබඳ දැනුවත් වීම සඳහා නිරන්තරයෙන් අප වෙබ් අඩවිය පරික්ෂා කරන්න. මේ සම්බන්ධයෙන් ඇති ගැටළු සහ අපැහැදිලි සහගත විස්තර ඇතොත් එය හඳුනාගත් විගසම පුද්ගලිකත්ව ප්‍රතිපත්තියට අනුකූලව එය පැහැදිලි කිරීම සිදු කරනු ඇත.
ඔබ තෘප්තිමත් වන ආකාරයෙන් අපේ සේවය ලබා දීමට අපි නිරතුරුවම කැපවී සිටිමු. කෙසේවෙතත් ඔබට විධිමත් පැමිණිල්ලක් සිදු කිරීමට අවශ්‍ය නම් එම පැමිණිල්ල [email protected] යන ඊමේල් ලිපිනයට යොමු කරන්න