SI

ලෝටස් ලෝන් / LotusLoan

ලෝටස් ණය යනු ඔබේ පුද්ගලික සැලසුම් හෝ හදිසි අවශ්‍යතා වලට අවශ්‍ය මුදල් ලබා ගැනීමට උපකාර වන සේවාවක්. මිනිත්තු කීපයකින් සියලු කරුණු සැලකිල්ලට ගෙන අවධානම් හඳුනා ගැනීමේ ක්‍රමවේදයන් සදහා අප ආයතනය විශේෂිත වන අප සතු තාක්ෂනය විවිධ රටවල් වල අත්හදා බැලීමෙන් පසු ශ්‍රී ලංකාව තුල ව්‍යාපාරය ආරම්භ කරන ලද්දේ ඔබට විශිෂ්ටතම අත්දැකීමක් ලබා දීම සඳහායි.

ලෝටස් ලෝන් තෝරා ගත යුත්තේ ඇයි?

  • වේගවත් ණය අයදුම් කිරීමේ ක්‍රියාවලිය - ඔබේ පරිගණකය හෝ ස්මාර්ට් දුරකථනය මගින් වේගවත්ව ණය අයදුම් කිරීම සිදු කළ හැකි වීම.
  • ආපසු ණය ගෙවීමේ පහසුව - ඔබගේ බැංකු ශාඛාව හරහා හෝ අන්තර්ජාල බැංකු සේවා හරහා ණය වාරික පහසුවෙන් ගෙවීමේ හැකියාව.
  • ඉක්මනින් ප්‍රවේශ වීමේ හැකියාව - සම්පූර්ණ ක්‍රියාවලියම ඔන්ලයින් හරහා සිදු වන නිසා ඔබට වෙහසකින් හෝ ශාඛාවකට යාමකින් තොරව මුදල් ලබා ගත හැකි වීම
  • ඉක්මනින් මුදල් ඔබ අතට - එක් දිනක් තුල ඔබේ ගිණුමටම මුදල් ලබා ගැනීමේ හැකියාව
  • පැහැදිලි කොන්දේසි - නැවත ගෙවිය යුතු මුදල පිලිබඳ ඔබට ඔබට පැහැදිලි අවබෝධයක් තිබීම
  • ඔබටම වෙන්වූ සේවය - ඔබේ සියලු ගැටළු වලට පිළිතුරු සැපයීමට අපේ පාරිභෝගික සේවය සුදානම්ව සිටීම.

එය ක්‍රියාත්මක වන්නේ කෙසේද?

  1. අවශ්‍ය සියලු තොරතුරු අඩංගු කොට අපගේ වෙබ් අඩවියේ ඇති අයදුම්පත පුරවා “සබ්මිට්” බොත්තම ඔබන්න.
  2. ඔබගේ අයදුම්පතේ ඇති ඇතැම් තොරතුරු පරික්ෂා කිරීම සඳහා අපගේ විශේෂඥයකු ඔබව අමතනු ඇත. එතෙක් මදක් රැඳී සිටින්න.
  3. ඔබේ ණය ලබා ගැනීම පිලිබඳ තීරණය කරන්න, ණය මුදල අනුමත වූ විට ඔබට විශේෂ කේතයක් ලැබෙන අතර අපගේ විශේෂඥයාට ඔබේ ගිවිසුම පිලිබඳ විස්තර සනාථ කරන්න.
  4. ඔබේ ගිණුමට මුදල් ලබාගෙන අවශ්‍යතාවය අනුව එය වියදම් කරන්න
  5. ඔබේ ගිවිසුමේ සඳහන් වන ආපසු ණය ගෙවීමේ සැලසුමට අනුව ණය මුදල නැවත ගෙවීමට කාරුණික වන්න.

ණයක් ලබා ගැනීමට මා සුදුසුකම් සපුරා තිබේද?

ඔබ ණයක් සඳහා අයදුම් කිරීමට පෙර පහත සුදුසුකම් සපුරා ඇතිදැයි බලන්න

  1. ඔබේ වයස අවුරුදු 22ත් 55ත් අතර විය යුතුය.
  2. ඔබට රැකියාවක් තිබිය යුතුය.

මා ලබා දිය යුතු ලියකියවිලි මොනවාද?

ණය ලබා ගැනීමට අවශ්‍ය වන්නේ ඔබේ ජාතික හැඳුනුම්පත පමණි.

මට කොතරම් ඉක්මනින් මුදල් ලබා ගත හැකිද?

ඔබ අයදුම්පතේ සඳහන් කර ඇති බැංකු ගිණුමට මුදල් ලැබෙනු ඇත. අප ගිණුමට මුදල් බර කල විට එස්එම්එස් පණිවිඩයක් හරහා ඔබට ඒ පිළිබඳව දැනගත හැකි වනු ඇත. අදාල බැංකුවේ ක්‍රියා පටිපාටිය අනුව මුදල් ලැබීමට ගත වන කාලය වෙනස් විය හැකිය

ණය නැවත ගෙවිය යුතු ආකාරය පිළිබඳ මා දැනගන්නේ කෙසේද?

නැවත ණය ගෙවීමේ සැලැස්ම පිළිබඳව ඔබේ ණය ගිවිසුමේ සඳහන්ව ඇත. ණය නැවත ගෙවිය යුතු දිනයන් පිළිබඳව අපගේ උපදේශකයන්ද ඔබව දැනුවත් කරනු ඇත. ඊට අමතරව ණය ගෙවීම් දිනය පිළිබඳව මතක් කරමින් ඔබට එස්එම්එස් පණිවිඩයක්ද ලැබෙන නිස ඔබට ගෙවීම් දිනය අමතක නොවනු ඇත. ඔබට ඕනෑම අවස්ථාවක නියමිත කාලයට කලින් මුදල් ගෙවීම අවසන් කල හැක.

ඔබ සතුව ඇති විශේෂ දීමනා මොනවද?

ඔබ ණය මුදල ලබාගෙන දින 7ක් ඇතුලත තුල නැවත ගෙවීමේදී පොළී අනුපාතය 0% කි.

Sampath Ratnayake
සංස්කාරක
6761
213
නිර්දේශිත කියවීම්
ණයක් යනු කුමක්ද?
තව කියවන්න
ණයක් ලබා ගැනීමට පොදු හේතු 7ක්
තව කියවන්න
ෆාස්ට්රුපී / FastRupee
තව කියවන්න
පරිපූර්ණ ණය ලබා දෙන මූල්‍ය ආයතනයක ගුණාංග 5ක්
තව කියවන්න
සියලු ලිපි