SI

ප්‍රධාන පිටුව / බ්ලොග් අඩවිය / ණයක් ගෙවා අවසන් කරන්නේ කෙසේද?

ණයක් ගෙවා අවසන් කරන්නේ කෙසේද?

නියමිත කාලයට පොළී වාරිකය ගෙවීම මගින් ඔබේ ණය ලකුණු අගය ඉහල යනවා. එමගින් ණය කොන්දේසි හා ඔබට ඇති බැඳීමද අවම වෙනවා. මෙම ලිපිය වෙන්වන්නේ ඔබට ණය ගෙවීමට ඇති විවිධ ක්‍රම හඳුන්වා දී ඔබේ කාලයත් මහන්සියෙන් උපයා ගත් මුදලත් ඉතිරි කිරීමයි. මුලින්ම ණය මුදලක් යනු කුමක්දැයි අපි නැවතත් මතක් කර ගනිමු. ණයක් යනු ඔබේ පුද්ගලික අවශ්‍යතාවන් සපුරා ගැනීම සඳහා ලබා දෙන කෙටි කාලීන කුඩා මුදලක්. මෙම ණය මුදලේ අගය ඉතා කුඩා නිසා පහත දැක්වෙන සරල පියවර අනුගමනය කිරීමෙන් ණය නැවත ගෙවිය හැකියි.

ලබා දෙන උපදෙස් හොඳින් පරිශීලනය කරන්න

ඔබ ණය මුදල ලබා ගැනීමේදී අදාල මූල්‍ය ආයතනය මගින් ණය නැවත ගෙවිය යුතු ආකාරය පිලිබඳ සම්පූර්ණ උපදෙස් මාලාවක් ලබා දෙනවා. ණය මුදල පියවිය යුතු ආකාරය සහ ණය වාරික පිලිබඳ සම්පූර්ණ විස්තරයක් එම ලේඛනයේ අඩංගු වෙනවා. ණය වාරිකය ගෙවිය යුතු දිනය පිලිබඳ සටහන් තබා ගැනීම මගින් එම දිනය මග හැරීමකින් තොරව නිසියාකාරයෙන් ණය මුදල ගෙවීමට ඔබට හැකි වෙනවා. මූලික ණය නියම සහ කොන්දේසි පොදු වූවත් ඇතැම් විස්තර ණය ලබා දෙන මූල්‍ය ආයතනය අනුව වෙනස් විය හැකියි. කිසිඳු ගැටලුවකින් තොරව ණය ගෙවිය හැකි විවිධ ආකාර පිලිබඳ එම ලේඛනයේ අඩංගු වෙනවා.

ඔබේ කාල සැලසුම තෝරා ගන්න

ඇතැම් ණය ලබා දෙන මූල්‍ය ආයතන ඔබේ පහසුව සඳහා ණය නැවත ගෙවීමට විවිධ සැලසුම් රාශියක් ඔබට ලබා දෙනවා. මින් ඔබට වඩාත් ගැලපෙන සැලසුම තෝරාගෙන පමාවකින් තොරව නියමිත කාලයට ණය ගෙවීමේ හැකියාව ඔබට ලැබෙනවා.

කලින් ණය ගෙවා අවසන් කිරීම සඳහා අමතර වාරික ගෙවීම් කරන්න

එකඟ වූ කාලයට වඩා කලින් ණය මුදල ගෙවා අවසන් කිරීමේ හැකියාවද ඔබ සතුව පවතිනවා.ඔබේ ණය ලබා දෙන්නාගේ උපදෙස් හොඳින් පරිහරණය කර කලින් ණය ගෙවා අවසන් කල විට අමතර මුදලක් ගෙවිය යුතු නැති බවට සැක හැර දැනගන්න. ඉක්මනින් ණය මුදල ගෙවා අවසන් කිරීම ඉතා හොඳ අදහසක් නමුත් ඔබට හදිසි අවශ්‍යතාවයකදී ප්‍රයෝජනයට ගැනීමට ප්‍රමාණවත් ඉතුරුම් සංචිතයක් පවතින බවට නිරතුරුවම තහවුරු කරගන්න. ඊට හේතුව වන්නේ ඔබ අමතර මුදල් වාරික ගෙවා ඉක්මනින් ණය අවසන් කරගන්නට උත්සහ කරන විට ඔබේ රැකියාව නැති වීම, හදිසි සෞඛ්‍ය අවශ්‍යතා, නිවාස අලුත්වැඩියා ආදී ක්ෂණික මුදල් අවශ්‍යතාවක් ඇති වුවහොත් නැවත ණය මුදලක් ලබා ගැනීමට ඔබට සිදු වීමයි. එවැනි අවස්ථාවකට පත්වීමට කිසිවකුට අවශ්‍ය නැති නිසා ඒ පිළිබඳව හොඳ සැලසුමකින් යුතුව සිටීම ඉතා වැදගත්.

ඔබට ලැබෙන වාසි සංසන්දනය කරන්න

ඔබේ දිගු කාලීන ඉලක්ක පිලිබඳ හොඳින් අධ්‍යනය කර ඔබේ මුදල් ආයෝජනය කිරීම මගින් ලැබෙන වාසි මොනවාදැයි සොයා බලන්න. ඔබ යම්තැනක මුදල් ආයෝජනය කිරීමෙන් ලබා ගන්නා අදායමට වඩා වැඩි පොළී අනුපාතයක් ඔබේ මූල්‍ය ආයතනය මගින් අය කරනවා නම් ඔබේ පුද්ගලික ණය ඉක්මනින් ගෙවා දැමීම වඩාත් සුදුසුයි.නමුත් ඔබ ණය සඳහා ගෙවන පොළී මුදලට වඩා වැඩි මුදලක් ආයෝජනය කිරීම මගින් ඔබට ලැබෙනවා නම් ඔබේ මුදල නිසියාකාරයෙන් බෙදා පොළී මුදල ගෙවන අතරවාරයේ අනෙක් මුදල ආයෝජනය කිරීමේ හැකියාව ඔබට තිබෙනවා. අවස්ථාව අනුව සුදුසු තීරණය ගැනීමට ඔබට සිදුවෙනවා. කිසිවිටකත් ඔබේ ණය වාරිකය ගෙවීම පැහැර හරින්නට එපා.

අප ලබා දුන් නිර්දේශ වලින් උපරිම වාසි සලසාගෙන ණය නැවත ගෙවීම පහසු සහ සරල කටයුත්තක් බවට පත් කරගන්න. අපේ මූලික අරමුණ ඉතා සරලයි.ඔබට අවශ්‍ය ණය මුදල සහ ණය ගෙවිය හැකි කාලය තෝරා දුන් විට ඔබට මිනිත්තු 15ක් ඇතුලත ණය ලබා දීමට සූදානම් හොඳම ණය ලබා දෙන ආයතන ලැයිස්තුවක් අපි ලබා දෙනවා. ඔබ මේ වන විටත් ණය ලබා ගෙන නැතිනම් ඔබේ අවශ්‍යතාවයට සරිලන මුදලක් දැන්ම ලබා ගැනීමට, අවශ්‍ය මුදල සහ ගෙවීමට යන කාලය තෝරා ගන්න එහෙමනම් අපි දැන් ආරම්භ කරමුද?

Indika Perera
සංස්කාරක
7777
777
නිර්දේශිත කියවීම්
ඔන්ලයින් හරහා ණය ලබා ගැනීමේ වාසි
තව කියවන්න
ණයක් ලබා ගැනීමට පොදු හේතු 7ක්
තව කියවන්න
බැංකු වලට වඩා මූල්‍ය ආයතන ජනප්‍රිය ඇයි?
තව කියවන්න
ෆාස්ට්රුපී / FastRupee
තව කියවන්න
සියලු ලිපි